විපක්‍ෂය බලය පෙන්වන්න යයි.. පාර්ලිමේන්තුව විසුරුවන්න පෙර ආණ්ඩුවේ මුදල් පනතක් පරදවන්න සූදානම්..

February 16, 2020 at 12:02 am | lanka C news
විපක්‍ෂය බලය පෙන්වන්න යයි.. පාර්ලිමේන්තුව විසුරුවන්න පෙර ආණ්ඩුවේ මුදල් පනතක් පරදවන්න සූදානම්..

සිංහල අවුරුද්දට පෙර ආණ්ඩුවේ හිඟ බිල්පත් පියවීම සඳහා ලබන 20දා රජය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ මුදල් ප්‍රතිපාදන යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමේ සැලසුමක් විපක්ෂයේ සාකච්ඡාවට ගෙන තිබේ.

ඒ සම්බන්ධව පසුගියදා පැවති එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් මන්ත්‍රීවරුන් කතාබහ කර ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුව විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම, විපක්ෂයේ මන්ත්‍රීන්ට නඩු පවරා සිරගත කිරීමට තැත් කිරීම ආදී කාරණා ගණනාවක් නිසා මෙම මුදල් යෝජනාව පරාජය කළයුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් ගණනාවක් ප්‍රකාශ කර ඇත. ඒ ගැන පසුගිය දින කිහිපයේම සාකච්ඡා කළ බව එ.ජා.ප. ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

හිඟ බිල්පත් පියවීම සඳහා රුපියල් බිලියන 367ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් ලෙස අදාළ යෝජනාව මැතිසබයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබිණි. රුපියල් බිලියන 367ක් ඉල්ලා සිටියද රජය සැබැවින්ම ලබාගැනීමට යන්නේ රුපියල් බිලියන 146කි. යෝජනාවේ සඳහන් ඉතිරි රුපියල් බිලියන 221 දැනටමත් රජය ලබාගෙන ඇති ණය වාර්තාගත කිරීමක් පමණක් බව භාණ්ඩාගාර ආරංචි මාර්ග කියයි.

මෙකී මූල්‍ය ප්‍රතිපාදනය ලබා ගැනීමත් සමඟ ආණ්ඩුවට ණය ලබාගත හැකි රාජ්‍ය ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 1088 දක්වා ඉහළ දමා ඇත. මෙම ප්‍රතිපාදන සපයා ගැනීමේ යෝජනාව පරිපූරකයක් ලෙස ඉදිරිපත් කිරීමට නොහැකි බව පසුගියදා පැවති පක්ෂනායක සමුළුවේදී එ.ජා.ප. මන්ත්‍රී රවි කරුණානායක පෙන්වා දුන්නේය.

අතුරු සම්මත ගිණුමකින් රාජ්‍ය වියදම් සපයා ගන්නා අවස්ථාවේ පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කළ නොහැකි බවත් ඒ සඳහා විශේෂ යෝජනාවක් ගෙන ආ යුතු බවත් කරුණානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. නීතිපතිවරයාද එම අදහස අනුමත කර තිබිණි. එම නිසා පරිපූරකය වෙනුවට දැනට ක්‍රියාත්මක අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ලෙස නව ප්‍රතිපාදන සපයා ගැනීමේ යෝජනාව ඉදිරිපත් කිරීම රජයේ සැලසුමයි.

– deshaya

20,804 Viewers

8 Comments to “විපක්‍ෂය බලය පෙන්වන්න යයි.. පාර්ලිමේන්තුව විසුරුවන්න පෙර ආණ්ඩුවේ මුදල් පනතක් පරදවන්න සූදානම්..”

  1. Niru says:

    This is one good reason why none of the opposition MPs should be returned to parliament. They think that they are more powerful than the great majority of voters who elected Gota and do not care about the country.
    These thieves robbed people’s money and trying to show robbers have greater say than people

  2. 🤣🤣🤣😄😄😄 says:

    ගෙනියයි වැඩටික අපටම ඕනි විදියට
    වැඩිපිරිස මොනා කීවත් නෑ විවාදයට
    පැරදුවත් ඉල්ලක්කම් බලය අප අතට
    මතකද දිනූහැටි අත්පොලසන් දී හදට

  3. Chethiyasena says:

    RK and co. are gonna තිබිබ කුපත් වසාගන්න strategy!
    Good Luck!

  4. Dp says:

    කොන්ද පන තියෙන විපක්ෂයක් නම් කලින් ඕව පරද්දන්න ඕ නේ. එහෙම කලා නම් චන්දෙකට යන්න UNP එක බයයි . දැන් කොහොමත් පර්ලිමේන්තුව විසිරෙන එකේ බොරු කරලා වැඩක් නෑ.

  5. Lamaya says:

    Yahapalana nadaya gaththa naya gewanna un kamathi naha. Ekayi arthaya.

  6. kawinda says:

    honda deyak kaloth ehema nethnam denwath rata gena hithala balala wedak kaloth UNP ekata chandedi aasana 20 kawath ganna chance ekak thiyenawa. kaulen edala chandekata giyoth ithin.. UNPyata maya ulu gedara saranai.

  7. Ahith says:

    ආණ්ඩුව විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම, විපක්ෂයේ මන්ත්‍රීන්ට නඩු පවරා සිරගත කිරීමට තැත් කිරීම ආදී කාරණා ගණනාවක් නිසා මෙම මුදල් යෝජනාව පරාජය කළයුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් ගණනාවක් ප්‍රකාශ කර ඇත.
    ඒ කියන්නේ නඩු නවත්තගන්න මිසක් රටට ආදරේට නෙමෙයි. නොදකින් මෙහෙමත් දේශපාලක හැත්තක්

  8. Saradiel says:

    මෙය නිසා විපක්ෂයට විසාල චන්ද ප්‍රමාණයක් නැති වෙනවා

Main News