විපක්‍ෂ නායකකම දෙනවා කියා අපව රවටලා..- සජිත් පිල එලිපිට චෝදනා කරයි..

December 7, 2019 at 12:02 am | lanka C news
විපක්‍ෂ නායකකම දෙනවා කියා අපව රවටලා..- සජිත් පිල එලිපිට චෝදනා කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා දෙන බව ප්‍රකාශ කළද ඊට අදාළ කටයුතු කිසිවක් කථානායකවරයාගෙන් සිදුවී නැති බව සජිත් ප්‍රේමදාස මහතාගෙන් පාර්ශවය චෝදනා කරයි.

මේ වන කතානායකවරයා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම ලෙස නිවේදනය කර නැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

එමෙන්ම ව්‍යවස්ථා සභාවේ විපක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාට කැඳවීමක් මෙතෙක් කර නැති බවත් ඔහු පැවසීය.

ලබන තුන් වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති පාර්ලිමේන්තු සැසියේදී විපක්ෂ නායක පුටුව සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට මේ වන තෙක් සූදානමක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය

32,064 Viewers

5 Comments to “විපක්‍ෂ නායකකම දෙනවා කියා අපව රවටලා..- සජිත් පිල එලිපිට චෝදනා කරයි..”

  1. don katugampala says:

    “KEDARA DESHAPALANETA” THITHA THIYANNA APU SA
    JITH PREMADASAGE “KEDARA DESHAPALANE”

  2. Janaka from Matara says:

    පුදුම වාහෙලා ගොල්ලක් නේ මේ. නුදුන්නොත් මොර දෙනවා දුන්නේ නෑ කියලා. දුන්නොත් ඊට හයියෙන් මොර දෙනවා නොදී හිටියේ නැත්තේ ඇයි කියලා!!
    මේ හැත්ත මල ගෙවල්වල කුලියට වැලපෙන business එකක් පටන් ගත්තොත් අපරාදේ කියන්නේ කිසි අගතියක් නැති වෙයි.

  3. sw says:

    නායකයා කවුද කියන එක නොව , පක්‍ෂයේ ප්‍රජාතාන්ත්‍රවාදය අරාක්ෂා කරගෙන නායකයා තෝරාගත හැකි නීතියක් ගෙන්නයි අවශ්‍ය , නැත්නම් රනිල් වගේ සජිතුත් අතහරින නෑ ?

  4. සරා says:

    ඔ්ක තමයි අපි කිව්වෙි සජිත් වටෙි ඉන්න අද බාලයන්ගෙන් ප්‍රවෙිශම් ‌ෙවෙන්න කියලා උන් සියල්ල එකතු වි සජිත් විනාශ කරනවා මුංට අඩුම තරමෙි තමන්ගේ ආසනයවත් තම පක්ෂයට දිනා ‌ෙදෙන්න බැහැඉතින් ‌ෙමෙි වගේ අපතයන්ගෙන් ප්‍රවෙිශම්වීමට සජිත් වග බලා ගත යුතුයි

  5. David Milli-banda says:

    halo !!! Karu Seeya is promoting his Son in Law Navin Dissanayake who is a Kandyan Govigama Buddhist to appease the Monks.
    Sajith ta huppe !!!!!!!!!!!

Main News