විපක්‍ෂ නායකකම නොදුන්නේ දීර්ඝ අධ්‍යනයකින් පසුවයි.. ඒකට බනිනවා.. අපහාස කරනවා..- කනානායකගෙන් නිවේදනයක්..

August 14, 2018 at 4:40 pm | lanka C news
විපක්‍ෂ නායකකම නොදුන්නේ දීර්ඝ අධ්‍යනයකින් පසුවයි.. ඒකට බනිනවා.. අපහාස කරනවා..- කනානායකගෙන් නිවේදනයක්..

කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය පිලිබඳව කථානායකවරයා විසින් දුන් තීන්දුව පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත අපහාස කිරීම් සිදුකිරීම ගෙවී ගිය දින කිහිපය පුරාම නිරීක්ෂණය කල හැකි විය.

කථානායකවරයා විසින් විපක්ෂ නායක ධූරය පිළිබඳව ස්වකීය තීන්දුව ගනු ලැබුයේ ඉතා පුළුල් සහ දීර්ඝ අධ්‍යයනයකින් පසුව බව අවධාරණය කරමු. මේ සඳහා දේශීය හා විදේශීය විශාරදයින්ගේ අදහස්, අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවතින සම්ප්‍රදායන් හා පොදු රාජ්‍ය මණ්ඩලීය හා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රමිතීන් ද විමසා බැලීම සිදු විය. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සංධානයේ හිටපු මහලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල සහ වර්තමාන මහලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් විසින් එවන ලද 2015.09.01 දිනැති ලිපිය සහ 2018.08.06 දිනැති ලිපියද, එම ලිපිවල සඳහන් නිර්දේශයන් ද පිලිවෙලින් සලකා බලන ලද අතර, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 143ක් විසින් අනුමත කරන ලද ස්ථාවර නියෝග 47(1) (ඇ) විධිවිධානය ඇතුලත් සැප්තැම්බර් 05 වන දින සම්මත කරන ලද යෝජනාව ද මෙම තීරණය ගැනීමේදී උපයෝගී කර ගනු ලැබීය.

මීට ඉහත විපක්ෂනායකවරුන් පත් කළ අවස්ථා හා මෙරට ජාතික ආණ්ඩු සංකල්පය හරහා පළමු වරට පත් කරන ලද මෙම පත්වීමේ පසුබිම වෙනස් බව අවබෝධ කොට නොගෙන මෙවැනි
අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම අතිශයින් අසාධාරණ බව සඳහන් කළ යුතුව ඇත.

කථානායක කරු ජයසූරිය මහතා එම ධූරය භාර ගත් 2015.09.01දා සිට අද දක්වා සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් වියුක්තව ස්වාධීනව කටයුතු කර ඇති අතර කිසිදු බලපෑමකට යටත් නොවු බවද, කථානායක ධූරයට පත් වූ දින සිට මේ දක්වා කාලය තුළ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක කාර්යාලයකට හෝ නොගොස් සපුරා දේශපාලන ක්‍රියාදාමයන්ගෙන් බැහැරව අපක්ෂපාතීව කටයුතු කළ බවද අවධාරණය කරමු.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල සම්ප්‍රදාය වනුයේ කතානායකවරයා විසින් දෙනු ලබන තීරණය පිලිගැනීම හෝ එසේ නොවන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදීව ඊට අවශ්‍ය ඊළඟ පියවර ගැනීමයි. එසේ නොමැතිව, තමන් අපේක්ෂා කරන මතය ප්‍රකාශ නොකළ පමණින්ම ඊට පරිබාහිර මතයන්ට සහ පුද්ගල චරිතයන්ට නිර්දය ලෙස පහර දීමත් පදනම් විරහිත සහ පහත් අන්දමේ වේචනයන්ට ලක් කිරීමත් ශීලාචාර සමාජයක් විසින් අනුමත නොකරනු ඇති බවද සඳහන් කරමු.

කථානායක මාධ්‍ය ඒකකය

21 views

12 Comments to “විපක්‍ෂ නායකකම නොදුන්නේ දීර්ඝ අධ්‍යනයකින් පසුවයි.. ඒකට බනිනවා.. අපහාස කරනවා..- කනානායකගෙන් නිවේදනයක්..”

  1. දුගී_පුරවැසියා says:

    මේ මුවන්පැලැස්සේ පිනාද මන්දා?

  2. Neutral Man says:

    TO THE SPEAKERS MEDIA UNIT.

    You may have been blind and deaf since 2015 -9-1 but not rest of the world.

  3. මොන බයිලා ගැහුවත් ඉතිහාසගත වෙනවා හූඇම්පියට කඩේ ගියාට.අසික්කිත කටා නාකියා…

  4. නෝනද පොල්ලද ඇහුවේ ඉස්සර දැන් දෙකම නැති හොදාපාලුවෝ රජවෙලා. says:

    නෝනද පොල්ලද ඇහුවේ ඉස්සර දැන් දෙකම නැති හොදාපාලුවෝ රජවෙලා. වලත් නෑ. පොල්ලත් නෑ. ගයි සද්දෙයි විතරයි මාමේ.

  5. n.s fasions kurunegala says:

    gan kabaraya

    • Asaranaya says:

      හීන් බබා මැසිවිළි ගී ගයමින්නේ
      අලුත් නමකි ඒ ගම් කබරා වන්නේ
      කරඇති සුනක වැඩ ඔහු නෑ දන්නෙ
      කට මැත නොදොඩා සිටිනම් යහාපත වන්නේ

    • Asaranaya says:

      “හීන් බබෝ” ඇයි අපහස විඳවන්නේ,
      අයින්වෙලා පල! හිටියා දැන් ඇතිනේ
      රෙද්ද කැඩී ඔබ හෙළුවත් පෙනෙන්නේ
      හරිම කුණු ගඳයි ! දස අත පැතිරෙන්නේ

  6. John the baptice says:

    රනිල්ගේ තෝල්කයා ගැන තව මොන කතාද?

  7. Gadol says:

    එජාපයේ තෝල්කයා

  8. John the baptice says:

    රනිල්ගෙන් අගමැතිකම ගන්න නම් මේ විදිහේ සේවයක් ක‍රන්න සිදුවෙනවා

  9. මිගේල් says:

    දවල්ට කරු රැට හිරු

  10. Newzealand says:

    Oya monawa keewath ratama dannawa oya paksagrahee kiyala. Oya oya tanature garuthwaya natikale oya tanaturata path una da idalamai. Ape ratata yana kala gana kanagatui.