විපක්‍ෂ නායක වෙන්න මං සූදානම්..- දිනේෂ්

April 30, 2018 at 12:40 pm | lanka C news
විපක්‍ෂ නායක වෙන්න මං සූදානම්..- දිනේෂ්

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීමට තමන් සූදානම් යයි ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂයට විපක්‍ෂයේ බහුතර මන්ත‍්‍රීන් ප‍්‍රමාණයක් සිටින බවත් විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීමට දේශීයවත් ජාත්‍යන්තරවත් ක‍්‍රියාමාර්ග ගණනාවක් ගන්නා බවත් ඔහු කියා සිටී.

මේ තත්වය මත විපක්‍ෂ නායක සම්බන්ධන් ධුරයෙන් ඉවත් වීම වඩාත් සුදුසු බවත් එසේ නොවන්නේ නම් ඉවත් කරන පිලිවෙල දන්නා බවත් ඔහු සදහන් කරයි.

විතම්න විපක්‍ෂ නායකවරයා ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන බවත් මේ ආකාරයේ වික්‍ෂ නායකයන් ලෝකයේම නැති බවත් ඔහු තව දුරටත් කියා සිටී.

88 views
Main News