විපක්‍ෂ නායක සජිත් මුල් දවසේම එජාපය දෙපයින් හිටුවයි.. රනිල් වසර 25ක්ම නොකල දේ කරයි..

January 4, 2020 at 10:00 am | lanka C news
විපක්‍ෂ නායක සජිත් මුල් දවසේම එජාපය දෙපයින් හිටුවයි.. රනිල් වසර 25ක්ම නොකල දේ කරයි..

නව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවත්වන ලද එක්සත් ජාතික පක්ෂයේ පළමු මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී විශේෂ කටයුත්තක් සිදු කර ඇත.

එනම් කණ්ඩායම් රැස්වීම ආරම්භ වීමට පළමුවෙන් පන්සිල් ගැනීමට කටයුතු කිරීමයි.

පසුගිය වසර 25ක කාලය පුරාම රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැරූ කාලයේ දී මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙවැනි කටයුත්තක් සිදු නොවිණි.

පන්සිල් ගැනීමෙන් පසු විපක්ෂ නායකවරයා කටයුතු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දිවිපිදු හා පක්ෂ වෙනුවෙන් සේවය කළ පිරිස් වෙනුවෙන් විනාඩියක නිහඬතාවක් පැවැත්වීමටයි.

210 views

28 Comments to “විපක්‍ෂ නායක සජිත් මුල් දවසේම එජාපය දෙපයින් හිටුවයි.. රනිල් වසර 25ක්ම නොකල දේ කරයි..”

  1. Karma says:

    දැන් 69ලක්ෂයේ කට්‍ට්‍ටියෙනුත් සමහරෙක් මෙයාව පිලිගනීවිද පන්සිල් ගත්තු නිසා

  2. සරා says:

    ප්‍රමාද වැඩියි සජිත් බලය තිබුන පසුගිය අවුරුදු4.5දී හාමුදුරුවරු 105ක් සිරගත කරලා ‌පන්සල්වල ‌ෙපෙරහැරේ යන්න හිටපු අලි ඇතුන් අල්ලන ගිහිල්ලා පුරා විධ්‍ය බිම් ‌ෙඩෝසර් කරලා පන්සලකට හාමුදුවකුගේ ‌ෙදෙනක් ‌ෙගෙන යාමට ඉඩ ‌ෙනොදි ආදාහනය පන්සල් භ්‍රමියේදි සිදු කිරිමට ඉඩ ‌ෙනොදි පුළුවන් හැම විටම බුද්ධාගමට සංස්කෘතියට පහර ගැසිම නිගරු කිරිම වැනිදා කිරිම බුද්ධාගමට ව්‍යවස්තාවෙන් තිබු ප්‍රමුකත්වය ඉවත් කිරිමට කටයුතු කරපු ලංකාවට විරුද්ධව ‌ෙගෙනෙන ‌ෙයෝජනාවලට සහයෝගය දැක්විම ඇතුලු දුෂ්ඨ වැඩ කරපු එජාපයට තව අවුරුදු 20කින් ‌ෙමෙහා බලය ‌ෙදෙන්න ‌ෙමෙි රටෙි ජනතාව සුදානම් නැහැ.

  3. CNW Pathirana says:

    No need religion to be used at national parties.. events..

  4. gamarala says:

    බෞද්ද චන්ද නැවත ගැනීමේ කපටි නරි මෙහෙයුමක් රැවටෙන්න එපා

  5. sunimal says:

    රනිල් අරලියා ගහා මන්දිරේ බුදුපිළිමය අයින් කරනවිට මු කතා කලාද නැහැ

  6. Kapila says:

    කොහොමත් රනිල් වගේ නිකමෙකුට වඩා මේ නායකයා රට වෙනුවෙන් ඉදිරියේදී කතා කරයි කියල බලාපොරොත්තු වෙනවා. මොහුව ආණ්ඩු පක්ෂයට ඇත්තටම තර්ජනයක්. රටට හොඳ විරුද්ද පක්ෂයක් ඇති වේවි .

  7. කෝකිල අවන්ත හෙට්ටිආරච්චි says:

    බෝර්න් එගේන් පන්සිල්… 😃😃😃🙏😃🙏🤐

  8. gadol says:

    දොන් ජුවන් රනිල් අරලියා ගහා මන්දිරේ තිබුන බුදුපිළිමය අරන් දැමුවා දෝන කතරිනා රෝසි කොලබ නගර සබාවේ බුදුපිළිමය අරන් දැමුවා මුන්ට චන්දය දෙන අය ගැන ලැජ්ජයි සියලුම බෞද්දයන් මෙයට විරෝදය පල කල යුතුය.

  9. සරා says:

    යුඑන්පි ආන්ඩුවක් ආවොත් රටට ‌ෙවෙන්නේ ‌ෙමොකක්ද කියලා ‌ෙමේ රට‌ෙි ජනතාව ‌ෙහොදට අත් වින්දා පුසුගිය අවුරුදු 4.5 තුල.ඒ අත්විදිම 2002දිත් ගත්තා.ඒනිසා ජනතාව එදා ඉදලා තිබුන සියලු මැතිවරනවලදි 29වතාවක් යුඑන්පි එක පරාද කලා.නමුත් 2015දි ‌ෙවෙන ‌ෙගෝතයෙක් ඉදිරියට දාලා පස්සා ‌ෙදොරෙන් ආන්ඩු බලය ලබාගෙන කරපු ‌ෙදේ ජනතාව 2002දි ටත් වඩා අත්වින්දා.දැන් ඉතින් යුඑන්පි එකට ‌ෙවෙන ‌ෙගෝතයෝ ඉදිරියට දාලා බලය ලබා ගන්න බැහැ.මම කියන්නේ ‌ෙබොරුනම් ඉදිරියේ තියෙන ඡන්ද වලදි යුඑන්පි එකට අත්වන ඉරනම බලා ගන්න පුළුවන්.

Main News