විපක්‍ෂ පිරිසක් පොහොට්ටු ප‍්‍රබලයන් හා සාකච්චා.. ආණ්ඩුවේ පිරිසක් 20ට සහාය නොදුන්නොත් විපක්‍ෂ පිරිසක් එක්වෙයි..

October 2, 2020 at 1:20 pm | lanka C news
විපක්‍ෂ පිරිසක් පොහොට්ටු ප‍්‍රබලයන් හා සාකච්චා.. ආණ්ඩුවේ පිරිසක් 20ට සහාය නොදුන්නොත් විපක්‍ෂ පිරිසක් එක්වෙයි..

පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අවශ්‍ය තුනෙන් දෙකක බහුතර බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය වුවොත් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීමට සාකච්ඡා සිදු වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සහ විපක්ෂ මන්ත්‍රීන් කිහිප දෙනෙකු සමඟ මෙම සාකච්ඡා සිදුවීමෙන් ඇතැයිද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් පසුගිය සමයේ විවිධ චෝදනා එල්ල වූ කිසිවකුගේ සහාය ලබා නොගන්නා ලෙස ඉහල නායකයන් ගේ උපදෙස් ලැබී ඇතැයිද වාර්තා වේ.

ආන්ඩුවේ කණ්ඩායමක් මෙම සංශෝධනයට සහාය නොදීමට තීරණය කළහොත් එම අඩුපාඩුව සපුරා ගැනීම සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් එක් කරගැනීමට මෙම සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද සදහන්ය.

20,632 views

6 Comments to “විපක්‍ෂ පිරිසක් පොහොට්ටු ප‍්‍රබලයන් හා සාකච්චා.. ආණ්ඩුවේ පිරිසක් 20ට සහාය නොදුන්නොත් විපක්‍ෂ පිරිසක් එක්වෙයි..”

  1. Deshapremi says:

    Why. . what happened to 2/3 ?

  2. sunil says:

    2/3 කියන්නේ MP ඔළු නෙවෙයි. මිනිස්සු 2/3 ක කැමැත්ත.
    20 වෙනස් නොකර ඔළු මාරු කරනව කියන්නේ මිනිස්සුන්ට කොකා පෙන්විමක්.

  3. RATA WESIYO says:

    Do not surrender to their undue ,unreasonable demands for the sake of getting their support. That may do more worse damage to the motherland
    than passing this 20th amendment.

  4. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඔලු තියන උන් විස්ස සම්මත කර ගනීවි.ජනතා පරමාධිපත්‍ය නියම ආකාරයෙන් ක්‍ර්‍රියාත්මක වෙන්න නම් බහුභූත දහනමය කුණු කූඩයට දැමිය යුතුයි.ජනතාව ඒ වෙනුවෙන් වරමක් දී ඇත​.අකමැති අය දහනමය බහාලන කුණුු කූඩයේම පදිංචි කල යුතුය

Main News