විපක්‍ෂ රැළියට බෝම්බ ගහනවා කී අය අල්ලයි..

November 17, 2021 at 8:40 am | lanka C news
විපක්‍ෂ රැළියට බෝම්බ ගහනවා කී අය අල්ලයි..

සමගි ජන බලවේගයේ විසින් ඊයේ කොළඹ පැවැත් වූ රැලියට බෝම්බ ගසනු ඇතැයි පැවසූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ අදාළ තොරතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරිමෙන් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

විපක්‍ෂ විරෝධතාවට බෝම්බ ගසන බවට කොළ කැබැල්ලක සටහනක් කර විපක්ෂනායක කාර්යාලය ඉදිරියේ දමා ගොස් තිබූ බවත් අත්්අඩංගුවට ගන්නා ලද එය දමා ගොස් තිබූ පුද්ගලයා මන්ද මානසික අයෙක් බව පරීක්ෂණවලින් ඔප්පු ඇතැයිද ඔහු සඳහන් කළේය.

22,797 views

2 Comments to “විපක්‍ෂ රැළියට බෝම්බ ගහනවා කී අය අල්ලයි..”

  1. ලවුඩ්ස්පීකර් මන්ද මානසිකයන් අංගොඩ යවමු ! says:

    මේ දිනවල A/L , O/L විභාග වෙනුවෙන් පාඩම් කරන දරුවන්ට පන්සල් , පල්ලි , කෝවිල් , දේවස්ථානවල ලවුඩ්ස්පීකර් කන්දොස්කිරියාව මහා හිරිහැරයකි !

    • මහා හුරා says:

      කොරෝනා සමයේ සමගි ජන බලවේගයේ මෙලෙච්චෙදය මුළු ලෝකයටම පෙන්වා අපේ රට ලෝකයා ඉදිරියේ අවමානයට ලක් කරන්නවා ..
      යහපාලනය කාලේ සිටිය රාජිත මහහොරා කරපු වංචා දුෂණ වලට ඔහුට නීතිමය පියවර නොගත් නිසා ඔහු දැන් නිදැල්ලේ රැළිවලට සහබාගි වෙනවා …
      පොහොට්ටුව යන්නෙත් යහපාලනය ගිය ගමනයි …ජනපති මෙවැනි රැළි පැවැත්වීමට ඉඩ දෙන්නේ මන්ද ? රටේ කොරෝනා වසංගත රැල්ලක් ඇතිකිරීමටද ?
      නැත්නම් සමගි ජනබල වේගයට බයේද ? කොන්දපන නැති පාලකයින් සිටින ආණ්ඩුවක්ද මේ ..ලැජ්ජයි

Leave a Comment