විපක්‍ෂ ලොක්කෙක් ආණ්ඩුවට ඉව අල්ලයි.. වසර 05ක් විපක්‍ෂයේ ඉන්න බෑලු.. ආධාරකරුවන්ගේ සුබ පැතුම්..

August 8, 2020 at 9:20 am | lanka C news
විපක්‍ෂ ලොක්කෙක් ආණ්ඩුවට ඉව අල්ලයි.. වසර 05ක් විපක්‍ෂයේ ඉන්න බෑලු.. ආධාරකරුවන්ගේ සුබ පැතුම්..

මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂයට තේරී පත්වී ඇති පක්ෂ නායකයෙකු නව ආණ්ඩුවට එක් වීම සඳහා කැමැත්තෙන් පසුවෙතැවයි වාර්තා වෙයි.

සුළු ජාතික පක්ෂයක නායකයෙකු වන මොහු තම ආධාරකරුවන් පිරිසක් සමගින් සඳහන් කර ඇත්තේ තවත් වසර ගණනාවක් විපක්ෂයට වී සිටීමෙන් පක්‍ෂයට හෝ පාක්‍ෂිකයාට කිසිදු සෙතක් නොවන බවයි.

ඔවුන් ද එය අනුමත කරමින් සඳහන් කර ඇත්තේ ආණ්ඩුවට එක්වී ඇමති ධූරයක් ලබා ගත යුතු බවකි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ දක්වා ආණ්ඩුව පාර්ශවයට කිසිදු යෝජනාවක් ඉදිරිපත් කරන්න ඇති අතර ඔහුගේ ආධාරකරුවන් සමාජ ජාලා ඔස්සේ සඳහන් කරමින් සිටින්නේ තම නායකයා ලඟදීම ඉහළ තනතුරකට පත් වනු ඇති බවයි.

3,248 views
Main News