විපතට පත් රට මුදා ගන්න ආණ්ඩුවත්, විපක්ෂයත් එක් විය යුතුයි..- ශ්‍රී පාදස්ථානාධිපති

May 4, 2022 at 2:04 am | lanka C news
විපතට පත් රට මුදා ගන්න ආණ්ඩුවත්, විපක්ෂයත් එක් විය යුතුයි..- ශ්‍රී පාදස්ථානාධිපති

ආර්ථික වශයෙන් විපතට පත් වි ඇති මේ රට ඉන් මුදා ගැනිමට ජනාධිපතිවරයත් , ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් , සමස්ත රටේ ජනතාවත් එකට එකතු වි කටයුතු කල යුතු බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් (03) දින ඒ බැව් කියා සිටියේ 2021-2022 වසර සදහා පැවති ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති රැස්විමකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ පක්ෂ පාට බේද නොබලා ආර්ථික වශයෙන් කඩා වැටි ඇති අප රට ගොඩ ගැනිමට සියළු දෙනා එකට එකතු වි කටයුතු කිරිම තුලින් මේ රට යලිත් ආර්ථික වශයෙන් ශක්තිමත් කල හැකි බවයි.

බලය ඇති විට ජනතා සහය නොපතන බවත්,බලය නැති විට ජනතා සහය පැතිම නොකර ආර්ථික ශක්තිමත් කල හැකි අයෙගේ උපදෙස් පිලිගනිමින් ලෝකයේ අනෙකුත් රටවල් වල සහයෝගය ලබාගෙන මෙම අර්බුධයෙන් ජය ගැනිමට කටයුතු කරන ලෙස ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් රටවාසින් සියළු දෙනාගෙන් ඉල්ලා සිටියි.

මාතෘ භුමිය රට පාලන කරන අයගේවත් , විපක්ෂයේ සියළු දෙනාගේවත් නොව මේ රටේ සියළු ජනතාවගේ සම්පතක් බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

2021-2022 වර්ෂය සදහා වු ශ්‍රි පාද වන්දනා වාරය (17) දිනට යෙදෙන වෙසක් පොහෝ දින පෙරවරුවේ ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවන් වලින් අනතුරුව එදින දහවලින් අවසන් කරන බවත්,ඉන් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ යුධ හමුදා භට පිරිස් සහයෝගය ඇතිව රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත් , නල්ලතන්නිය ලක්ෂපාන කළුගල යටියන්තොට අවිස්සාවේල්ල රත්නපුර හරහා යන මාර්ග තුන ඔස්සේ  පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ ගමන් මාලිගාව දක්වා වැඩම කරන බවයි.

ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ එදින පැවැත්වෙන චාරිත්‍රානුකුල ආගමික වතාවන් ගණනාවකින් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවේ සිට වැඩම කරන ලද සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි අවාරය අවසන් වන තෙක් ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තබන බවයි.

2021-2022 ශ්‍රි පාද වන්දනා වාරය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් සහ මාධ්‍ය ආයතනවල  සහයෝගය ඇතිව සාර්ථකව සිදු කිරිම හැකියාව ලැබුණු බවත්, එම කාලය තුල ශ්‍රි පාද වන්දනාවේ පැමිණි සියළුම වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් උපරිම අයුරින් ලබාදිමට පියවර ගත් බවද ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,813 views

13 Comments to “විපතට පත් රට මුදා ගන්න ආණ්ඩුවත්, විපක්ෂයත් එක් විය යුතුයි..- ශ්‍රී පාදස්ථානාධිපති”

  1. Gamini Senanayake says:

    මේකත් මොද පොහොට්ටු කාරයෙක්.

    • Pronto says:

      Denata unwahanse Thanathuru rasiyak hobawanawa.Sri Pada adawiya saha Uwa Wellassa Upa kulapathi e athara visheshai. Me thanathuru lebenna kalin hitiya mema Swamin wahanse nevei den wedawasanne.Karya bahula thawaya nisa wenna ethi.E wunath mema swaminwahansege issara pewathi yahapath gunanga nisa api thawamath unwahanseta garukaranawa. Theruwan saranai!!!

  2. දේශාවිමුක්ති says:

    http://www.colombotoday.com/nalin-de-silva-3454456/සියලු සිංහල බෞද්දයන් විසින් කියවාගත යුතු මේ උද්ඝෝෂනයේ යටි අරමුණු විග්‍රහ කරන ලිපියක් .බුදුදහමට වින කටින්න සිංහලයා යොදාගන්නෙ කෙසේද?

  3. Hela says:

    සංඝ සමිිමුතියක් ගේන්ඩ බැරිද පුජකයන්ට දේසපාලනේ තහනමි කියලා. මට තේරැමි ගන් බැරි තව දෙයක් තියෙනවා ඇයි හැමෝම පලතුරැ වටිිටි උස්සං මහනායකලා මුන ගැහෙන්නේ පුජකයන් ඉන්නේ ආගම උගන්වා පිලිපැද රටවැසියා දුකින් මුදාගැනිමට මිසක් රටපාලනයට නෙමෙි නේද?

    • දේශාවීමුක්ති says:

      මේ ලියන තෝ මේ රටේ සිංහලයෙක් නොව ප්‍රදේශයකින් පැමිණ මේ රටේ පැලපදියම් වූ මේ රටේ සංස්කෘතියට අයිති නැති කෙනෙක් බව පේනවා.මේ රටේ රජ කාලයේ සිට පාලනයට උපදෙස් දුන්නා රටේ බෞද්ධ භික්ෂූන්වහන්සේ ල.ඔවුන් පූජකයෝ,උලමල නෙවෙයි පූජ්‍ය .රටට අයිතිනෙති තොපි තොපේ රටවල් තොපේ නීති ක්‍රියාත්මක කරගනු

      • wimalasena H.D. says:

        ado deshavimukthi kiyana me thattayata horagehenu supplykorana broker parayo.ulamala oyavage weda koran
        ne nehedo pimpiyo. ulamalage ratawalvalin suruttu sinhalayage ratata nikan salli nudunnothin,ada tho nidangath
        awelaa inne polova yata adi 10k yataya kiyana eka denaganin parayo.

  4. සබරගමු නිළමෙි says:

    මේ හොර ගණයා පොහොට්ටුවේ ගොට්ටෙක්. ශ්‍රීපාදස්ථානාාධිපතිකම ගන්න රාජපක්ෂලාගේ සහය.ලබපු කෙනෙක්. සිරීපාදේ නායකකමට ඡන්දය පැවැති දිනයේ රාජපක්ෂලාගේ කීම පරිදි මර්වින් සිල්වා ඇවිත් බලපෑම්කළා. සිරීපාදයට ලැබෙන පඬුරැ, පාක්කුඩම් සහ එහි දේපල ගසාකමින් හොර අඹුවන් නඩත්තු කරමින් සුරසැප විඳින මෙවැනි හොර ගණයින් සාසනයෙන් නෙරපාදැමිය යුතුයි. විහාර දේවාලගම් පණත සංශෝධනය කර, මෙම ධූරය වසර තුනකට සීමාකළ යුතුයි.

    • Abhootha chodana karala paw purawaganna epa. Unwahanse e ghanayata wetenne nehe.Oyata weradila!! Itha yahapath gathiguna walin hebi sikshakami nayaka himi namak 1988 indala ma hondakarawama dannawa.UnwahansetaTheruwan saranai!!!

      • මාන් බිස්කට් කමුද? says:

        මොනවද මැලිබන් අංකල් මේ සිංහල රටේ බුදුදහම නැති කරන්න යටිකූට්ටු වෙඩ කරන එන්ජීඕ කාරයන්ට සහාය දෙන්නේ ? ඔගොල්ලන්ගේ කොම්පැනිය දැන් නිරගමික වෙලාද?

    • mgj says:

      that is really , now talking as all happened very clean but Rathapura people know how you came to this position. as every body saying this position should limited period then we can expect reasonable service.

    • Nilame..kiwwa Hari..me ganaya hora genu thiyagena inna ekek..okage ange manna parawal tiyenawa..hora genige miniya kotala…mu pelmadulla manike mudalali kenek..munta Tama hariyana eka ape karume..hena wadinna neti heti..

  5. Felix says:

    Me Gollo Hadannema Anga Beera Ganna