විමලතිස්ස හිමි තමන් මන්ත්‍රී වන ලිපිය ඉවත්කර ගනී.. ජාතික ලයිස්තු මන්ත්‍රී ලෙස රතන හිමි නම් කරයි..
August 24, 2020 at 3:00 pm | lanka C news
අපේ ජනබල පක්ෂය ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා තමන් ලෙස නම් කරමින් එහි ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් මැතිවරණ කොමිසමට යොමු කර තිබූ ලිපිය ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වෙයි.
එහිමියන් විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් කොමිසම වෙත මේ බව දන්වා ඇතැයිද සඳහන්ය.
ඒ අනුව අපේ ජන බල පක්සයේ මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම යෝජනා කර ඇතැයිද වාර්තා වෙයි.
නමුත් එම පක්ෂයේ ලේකම් ධුරයෙන් විමලතිස්ස පසුගිය 07 වනදා සිට ඉවත් කර තිබීම හේතුවෙන් මෙම ලිපිවල වලංගුතාවය ගැන නීතිමය ගැටලු මතු වී ඇත.