විමලවීර පොහොට්ටු නායකයන්ගෙන් ගේම ඉල්ලයි.. ඉල්ලා අස්වන්න අන්තිම කල් දෙයි..

April 14, 2019 at 3:26 am | lanka C news
විමලවීර පොහොට්ටු නායකයන්ගෙන් ගේම ඉල්ලයි.. ඉල්ලා අස්වන්න අන්තිම කල් දෙයි..

දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රාදේහීය සභාවේ සභාපතිවරයාගේ නිවසට ඊයේ රාත‍්‍රියේ කිසියම් පිිරිසක් පැමිණ තර්ජනය කර තිබේ.

සභාපතිවරයා පවසන්නේ මෙසේ තර්ජනය කල පිරිස පොතුවිල් ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ඇතුළු පිරිසක් බවයි.

තම සභාපති ධුරය පෙරවරු 08.00 වෙද්දී ඉවත් කරන බවටද ඔවුන් තර්ජනය කල බව සභාපතිවරයා කියා සිටී.

මෙ සිදුවීමට විරෝධය පල කරමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් විරෝධතාවයක් පැවැත්වින.

එහිදී මන්ත‍්‍රීවරයා කියා සිටියේ පොතුවිල් ආසනයට පත් කර ඇති සංවිධායකයා ගැන ගමන් නොදන්නා බවත් පක්‍ෂ නායකත්වය මේ ගැන පැහැදිලි කිරීමක් නොකරන්නේ නම් තමන් අම්පාර දිස්ත‍්‍රික් පොදුජන පෙරමුණු සංවිධායක ධුරයෙන් ඉවත් වන බවත්ය.

38,085 Viewers

Leave a Comment

Main News