විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නවාට දැඩි විරෝධය.. විමල් නීතිපතිව පට්ටා පතුරු ගහයි.. [Video]

January 24, 2020 at 10:12 pm | lanka C news
විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නවාට දැඩි විරෝධය.. විමල් නීතිපතිව පට්ටා පතුරු ගහයි.. [Video]

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා මහතා ඉලක්ක කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා දැඩි විරෝධය එල්ල කරයි.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් එම තීන්දුව ගත්තේ කුමන පදනමක් මත දැයි ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ ඊට වඩා බරපතල චෝදනා එල්ල වන විනිසුරුවන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ හඬ පටවලින් හෙලිව ඇති බවයි.

සැබැවින්ම මෙම ප්‍රශ්නයේ දී පැමිණිලිකරු වී ඇත්තේ ගිහාන් පිලපිටිය විනිසරු බවත් දැන් ඔහු විත්තිකරුවෙක් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් කරණ ලද බලපෑම් සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා විසින් පැමිණිලි කර ඇති තත්ත්වයක් යටතේ කුමන පදනමකින් ඔහු අත්අඩංගුවට ගන්නැයි නියෝග කළේ දැයි මං ඇමැතිවරයා ප්‍රශ්න කළේය.

යහපාලනය විසින් විනාශ කරන ලද අධිකරණ පද්ධතිය රැක ගැනීමේ වගකීමක් ආණ්ඩුවට ඇති නිසා තමන් මෙම ප‍්‍රකාශය සිදු කරන බවද ඔහු තියා සිටියේය.

211 views

6 Comments to “විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නවාට දැඩි විරෝධය.. විමල් නීතිපතිව පට්ටා පතුරු ගහයි.. [Video]”

  1. MD says:

    DAPPUTH AWUL DAPPUGE KONDETH AWUL.🤣🤣🤣🤣😃🤣

  2. Vis8 says:

    Just brilliant! I am glad Sri Lanka has these two excellent gentlemen on Her side!

  3. විමල්නම් හොඳට කතාකරනවා. මේ පුබ්බඩ විජේදාසයා නම් මහ දෙපත් නයෙක්. දැන් මූ බබා.

  4. harsha says:

    දප්පුලගේ පත්වීම අනුමත කරනකොට මහින්දත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක්.

  5. Rasika says:

    ගිහාන් ඩීල් එකක් දාල වගේ .

    • Pradhan says:

      උඹලට ඉතින් හැම එකක්ම ඩීල්.පොඩ්‍ඩක් විමල් කියන්නේ මොකක්ද කියලා හොඳට තේරඅම්‍ ගනින්

Main News