විමල්ගෙන් පොස්පේට් ගැලෙවුවාට විරෝධය පා වාසු මාධ්‍ය හමුවක.. එලෙසම චමල්ගෙන් වාරිමාර්ග ගලවා කෘෂිකර්මයට දෙන්න කියයි..

June 20, 2021 at 10:02 pm | lanka C news
විමල්ගෙන් පොස්පේට් ගැලෙවුවාට විරෝධය පා වාසු මාධ්‍ය හමුවක.. එලෙසම චමල්ගෙන් වාරිමාර්ග ගලවා කෘෂිකර්මයට දෙන්න කියයි..

වත්මන් ආණ්ඩු බලය හොබවන සංධානය නියෝජනය කරන්න සුළු පක්ෂ සිටින්නේ පීඩනයෙන් බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමතිවරුන්ට ඇතිකර තිබෙන තත්ත්වයන් යුක්තිසහගත නැති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතාගේ යටතේ තිබූ පොස්පේට් සමාගම අලාභ ලබන තත්ත්වය සිට ලාභ ලබන තත්ත්වයට ගෙනැවිත් තිබියදී එය ඉවත් කිරීම කුඩා පක්ෂ මත ඇති කරන ලද පීඩනයක් හා සිත් රිදවීමක් යයිද ඇමතිවරයාගේ අදහසයි.

කෘෂිකර්මයට පොහොර අවශ්‍ය නිසා පොස්පේට් සමාගම තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ නම් ඒ අර්ථයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද තිබිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ බවත් එනිසා දැනට චමල් රාජපක්ෂ මහතා යටතේ තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා පැවරිය යුතු බවත් ඔහු කියා සිටියේය.

සිය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

66,858 views

23 Comments to “විමල්ගෙන් පොස්පේට් ගැලෙවුවාට විරෝධය පා වාසු මාධ්‍ය හමුවක.. එලෙසම චමල්ගෙන් වාරිමාර්ග ගලවා කෘෂිකර්මයට දෙන්න කියයි..”

  1. Gorilla says:

    විමල් ආඩම්බරකාරයෙක්, තමන් හරි යැයි නිතරම හිතන කෙනෙක්,කිසිකෙනෙක්ගේ අදහස් අහන්නේ නැති හිතුවක්කාරයෙක්, ඔහොම මිනිස්සු එක්ක වැඩකරන්න බැ. හැබැයි පොස්පේට් එක ගලවල මහින්දානන්දට දීපු එකනම් අන්තිම කුජීත තුට්ටු දෙකේ වැඩක්. එක කියන්න ඔනේ.

  2. කොළොන්නාවේ සුන්දරී says:

    බල්ලට ඕනෑ විදියට නඟුට වැනෙනවා මිසක් නඟුටට ඕනේ විදියට බල්ලා වැනෙන්නේ නෑ කියලා මේ නාකි හම්පඩයට කවුරු හරි කියලා දෙන්නකෝ.

    • LION says:

      කොළොන්නාවේ සුන්දරී –ඔය තරම් පොහොට්ටු දේශපාලනයේ බලු වහළෙක් නොවී වාසුදේව මහතා කියන දෙය ගැන අපක්ෂපාතිව හිතපන් බූරුවෝ ..ආණ්ඩුව කරන හැම වැරදි වැඩක්ම අනුමත කිරීමෙන් කෙලවෙන්නේ අපේ රටට, චමල් යටතේ තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඔහුට වඩා සුදුසු කෙනෙකුට දිය යුතුයි ..චීනුන්ට වතුර ලබා දීමට සිංහරාජ වන රක්ෂිතයේ වැව් හදන්න උත්සාහ කල චමල්ගේ කෙරුවාව .. .පවුලේ හැම කෙනෙක්ම දක්ෂයෙක් නොවේ ….මෙය රටේ පිළිබද ප්‍රශ්න තිබෙන අවස්ථාවක් නමුත් අද සිදු වන්නේ පවුල් පාලනේ ..අහෝ 69 ලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු සුන්වෙන හැටි

  3. well said Vasu papa says:

    Well said Vasu papa. That is the truth,

  4. Jayabima says:

    අනේ බොල වට්ටක්කයෝ, මහින්දලාගේ පිහිටෙන් බලයට ඇවිත්, ඇමති කට්ටකකුත් අරන් දැන් මෙතන පොරටෝක් දෙනවා. පුලුවන් නම් තනියම ඉල්ලලා දිනලා පෙන්නහං.

    • JUDE says:

      මහින්දලා බලයට ආවේ සුළු පක්ෂ වලත් උදව් ඇතිව ..දැන් උත්සාහ කරන්නේ ඔවුන්ගේ පවුල් පාලනයේ බලයෙන් රට පාලනය කිරීමට දැනට හිටන් ගේ යහපාලනය සහ පොහොට්ටුව අතර වෙනසක් නැහැ ..රට අගාදයට යනවා ..මහා බැංකු මගඩියේ මහා සැකකරු රනිල් සැපට netfix වල ඉන්දියන් ෆිල්ම් බලමින් සිටිනවා …පාස්කු බෝම්බ ත්‍රස්තවාදීන් තාමත් නිදැල්ලේ , විල්පත්තු වන රක්ෂිතය විනාශකළ බදියුදීන් නිදැල්ලේ ..තාම ගස් සිටුවමින්ද ?
      යහපාලන කාලේ රටේ ධනය වංචාකල ඇමතිලා නිදැල්ලේ ..මේ ආණ්ඩුව යහපාලනය කරපු බලු වැඩම දිගටම කරගෙන යමින් සිටිනවා නේද ?

  5. dot says:

    is Phosphate mined for chemical fertilizer only ? Then it should be out of the scene if we are against the use of such fertilizer and gone organic ..what is not good for us is not good for any humans ..But Phosphate has other uses , tho’ mining cause much land degradation ..and a Pacific island won compensation at Hague from the foreign company that mined phosphates for it was harmful even to those employed to mine ..

  6. මරා... says:

    යකෝ…එතකොට අපේ පව්ලේ උන් හම්බුකරන්නෙ කොහොමෙයි…..චමල්ගෙන් ගලවන්න…..ඇටදෙක තමයි

  7. raj Gopal says:

    මහින්ද ඉඳලත් දැන්ම පක්ෂය ඉවරය්. හිතා බලන්න