විමල්ගේ අදහස් අනගියි.. සයිටම් ප‍්‍රශ්ණය දෙන එලෙස බලන්න මා සූදානම්.. – රාජිත

February 12, 2017 at 1:20 pm | lanka C news
විමල්ගේ අදහස් අනගියි.. සයිටම් ප‍්‍රශ්ණය දෙන එලෙස බලන්න මා සූදානම්.. – රාජිත

සයිටම්ආයතනය සමග කිසිදු පුද්ගලික ගණූදෙනුවක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී සයිටම් ආයතනයේ ප්‍රධානියා හිටපු ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ බවත්, සයිටම් ආයතනය පිළිබදව තමන්ට ඇත්තේ ප්‍රතිපත්තිමය කරුණක් පිළිබද ප්‍රශ්ණයක් පමණක් බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍යවරුන් පිරිසක් සමග පැවැති සාකචිඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

පාර්ලිෙමින්තුවෙදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සයිටම් ආයතනය පිළිබදව හොඳ කරුණූ දැක්වීමක් ඉදිරිපත් කළා. සාධාරණ විසඳුමක් බලාපොරොත්තු වන බව මන්ත්‍රිවරයා එහිදී ප්‍රකාශ කළා. මෙම ප්‍රශ්ණය දෙස සංෙවිදීව බලන ලෙස විමල් වීරවංශ මන්ත්‍රිවරයා මගෙන් ඉල්ලා සිටියා. මමත් සංෙවිදීව මෙම ප්‍රශ්ණය දෙස බලා නිවැරදි තීන්දුවන් ගනු ලබනවා.

සියළුම විශ්ව විද්‍යාලවල වෛද්‍ය පිඨ පීඨාධිපතිවරුන් මෙම ප්‍රශ්ණය නිරාකරණය කරන ආකාරය පිළිබදව යෝජනාවලියක් මා වෙත ඉදිරිපත් කර තිඛෙනවා. එම පිඨාධිපතිවරුන් සමග ලබන බදාදා (15) මම සාකචිඡාවක් පවත්වනවා. ශිෂ්‍ය සංවිධාන සයිටම් ආයතනයට විරුද්ධව විරෝධතා පවත්වනවා. ශිෂ්‍ය මානසිකත්වය පිළබදව මට ප්‍රශ්ණයක් නැහැ. නමුත් මනෝරාජික සිතුවිලිවල එළඹ ගෙන අනෙකුත් දෙශපාලන පක්ෂ සිදු කරන ක්‍රියාවලිය පිළිබදව ගැටළු තිඛෙනවා. මම එම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ බොරදියේ මාළු බෑමෙන් වළකින ලෙසයි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

55 views
Main News