විමල්ගේ ඇප ඉල්ලීම අද සලකා බලයි.. අගමැතිගෙන් බලපෑම්..

April 7, 2017 at 8:40 am | lanka C news
විමල්ගේ ඇප ඉල්ලීම අද සලකා බලයි.. අගමැතිගෙන් බලපෑම්..

දින 87ක් තිස්සේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ඇප අයදුම්පත අද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සලකා බැලීමට නියමිතය.

රජයේ වාහන අවභාවිතයට අනුබල දුන්නේ යයි පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගිය ජනවාරි 10 වැනිදා අත්අඩංගුවට ගත් අතර එතැන් පටන් අද දක්වා රිමාන්ඞ් බනධනාගාර ගතව සිටී.

මේ අතර අද දිවයින පුවත්පත වාර්තා කර ඇත්තේ මන්ත‍්‍රී විමල් වීරවංශට එරෙහිව ඇති සියලු චෝදනා අලුත් අවුරුද්දට පෙර ගොනු කර අවසන් කරන ලෙසත් මන්ත‍්‍රීවරයාට ඇප ලබාදීමට විරුද්ධ නොවන ලෙසත් අගමැති රනිල් වික‍්‍රමසිංහ  නිති අංශ වෙත උපදෙස් දුන් බවයි.

එම පුවත සත්‍ය නම් අගමැතිවරයා නීති අංශ වෙත සෘජු ලෙස බලපෑම් කරමින් සිටින බව තහවුරු වන අතර ඒ ආකාරයෙන්ම මන්ත‍්‍රී වීරවංශ ඇතුළු විපක්‍ෂ දේශපාලඥයින් අත්අඩංගුවට ගැනීම් සිරගත කිරීම් සදහාද බලපෑම් කරනු ඇතැයි සාධාරණ සැකයක් මතුවෙයි.

ජනාධිපතිවරයාද වරෙක කියා සිටියේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය හා අල්ලස් කොමිසම දේශපාලන උවමනාව මත ක‍්‍රියාත්මක වන බවයි.

44 views
Main News