විමල්ගේ ඇප ඉල්ලූම සලකා බලයි.. විරෝධතා ගොනු කරන්න නීතිපතිට නියෝග..

February 13, 2017 at 12:00 pm | lanka C news
විමල්ගේ ඇප ඉල්ලූම සලකා බලයි.. විරෝධතා ගොනු කරන්න නීතිපතිට නියෝග..

රක්‍ෂත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා විසින් ඇප ඉල්ලා මහාධිකරණයේ ගොනු කරනු ලැබූ ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා ගොනු කරන්නැයි මහාධිකරණය විසින් අද දිනයේ නියෝග කලේය.

මෙම ප‍්‍රතිශෝධන පෙත්සම මෙම මස 27 වන දින යලි සලකා බැලීමට නියමිතය.

ජනවාරි 10 වන දින සිට රක්‍ෂිත බන්ධනාගාරගතකර සිටින මන්ත‍්‍රීවරයා මෙම ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා නොදිමට එරෙහිවයි.

60 views