විමල්ගේ උදයගේ ඇමති ධුරවල තවත් කෑලි ගලවයි…

July 11, 2021 at 9:20 am | lanka C news
විමල්ගේ උදයගේ ඇමති ධුරවල තවත් කෑලි ගලවයි…

කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අයගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි නව වෙනස්කම් සිදුකිරීමට නියමිත බව සති අන්ත දිවයින පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඔවුන්ගෙන් ඉවත් කරන ලද එම විෂය පථයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට තවත් ඇමතිධූර කිහිපයක් නිර්මාණය කිරීමට යොදාගනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරය ලැබීමෙන් පසුව රටේ ඉදිරි සංවර්ධනය සහ ආර්ථික ඉලක්කයන් කඩිනම් කිරීමට මෙම නව කැබිනට් සංශෝධනය සිදු කිරීමට යොමු වී ඇතැයි ද සඳහන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකඟ වී ඇති ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ට ලැබිය යුතු ඇමතිධූර ඉදිරියේදී ලබා දීමට මෙහිදී රජයේ අවධානය යොමුව ඇත.

එමෙන්ම එම කැබිනට් සංශෝධනයේදී සෞඛ්‍ය, පොලීසිය, කම්කරු හා අධ්‍යාපන අමාත්‍යාංශවල සංශෝධනයක් සිදු වනු ඇති බව ද සඳහන්ය.

තරුණ ඇමැතිවරුන් ද අමාත්‍ය මණ්ඩලයට එක් වනු ඇතැයි ද තවදුරටත් වාර්තා කර තිබේ.

81,614 views

21 Comments to “විමල්ගේ උදයගේ ඇමති ධුරවල තවත් කෑලි ගලවයි…”

  1. බිංකුණ්ඩා says:

    ඔහොම ගලවගෙන ගලවගෙන ගිහින් අන්තිමට මුන් දෙන්නගෙ කෑලිත් ගලවයිද දන්නෑ.

  2. nimal says:

    තරුණ ඇමතියෝ ආවාට වැඩක් නැහැ උන්ට මොලේ නැත්නම් හරක්ට පුළුවන් තණකොළ කන්න විතරයි

  3. Gota says:

    Paw bun. Mun denna gethara inna tommy wage innawa walge wana wana.

  4. Saman says:

    අනේ ගම්මන්පිල දැන්වත් තමන්ගෙ මව්බිම වන ඔස්ට්‍රෙලියාවට යන්න. දරු පවුලම එහෙ පදිංචි කරවලා ඔයා විතරක් රට බේර ගන්න කියල ලංකාවෙ ලගින්නෙ ඇයි?

  5. Sasrasi says:

    නියමයි

  6. නකදී පුසී..! says:

    ගන්මන්පිල ඇමැතිතුමෝ..! රාඡපකෂ ඡුන්ඨාව විසින් තරඟයට අමුඩයයේ මළපහ කරගනිමින් තිබේ..!අමුඩය සමගම නුගත් මඩකරියා ”ගමයා” මාරැ කිරිමට කාළය පැමින තිබේ..!

  7. Jagath Silva says:

    Oba maa mula kala

  8. Saman Gunaherath says:

    එතකොට හරිය🤣🤣??🤣🤣

Main News