විමල්ගේ උදයගේ කෑලි ගලවා තමනට ඇමති ධුර අනවශ්‍ය බව ශ‍්‍රීලනිපය කියයි..

July 11, 2021 at 1:20 pm | lanka C news
විමල්ගේ උදයගේ කෑලි ගලවා තමනට ඇමති ධුර අනවශ්‍ය බව ශ‍්‍රීලනිපය කියයි..

ඉදිරි කැබිනට් සංශෝධනයක දී දැනට බලශක්ති හා කර්මාන්ත අමාත්‍යාංශය සතු විෂයයන් කිහිපයක් ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව අමාත්‍ය ධූර සඳහා ලබා ගැනීමට එකඟතාවයක් ඇතිකර ගත්තේ යැයි වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ රජය සමඟ එවන්නේ කිසිදු සම්මුතියකට එළඹ නොමැති බවත් එවන් කිසිදු සාකච්ඡාවක් පවා සිදුව නොමැති බවත් ඔවුන් කියා සිටියි.

අද පුවත්පත් වාර්තා කර තිබුණේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමතිවරුන්ගේ විෂය කිහිපයක් ඉවත් කර එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව අමාත්‍ය ධුර කිහිපයක් පිහිටුවා ලබාදීමට සූදානම් කර බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එකඟ වූ බවත් ය.

32,139 views

8 Comments to “විමල්ගේ උදයගේ කෑලි ගලවා තමනට ඇමති ධුර අනවශ්‍ය බව ශ‍්‍රීලනිපය කියයි..”

  1. හොරා පොලිස් says:

    සම්පූර්ණ ඇමති සංශෝධනයක් කරන්නේ අගමැති සහ ඇමතිවරු 20 යටතේ දිව්රුම් දීමට සළස්වා 2020 ඔක් 29 සිට 20වන සංශෝධනයට පටහැනිව යන අගමැති, ඇමති මණ්ඩලය සහ රාජ්‍ය සේවය නීතියට ගැනීමටද?

    19 යටතේ දිවිරුම් දුන් ඇමතිවරු 20න් දිව්රුම් නොදීම යටගහන සම්පූර්ණ අමාත්‍ය මණ්ඩල සංශෝධන කා වෙනුවෙන්ද?

    • 20 අවුල් says:

      20 වන සංශෝධනය වලංගු නෑ. ඒ නිසා දිව්රුම් දෙන්න් ඕනැද?

    • පරණ ඇමති says:

      මේ කතාව හරි 20 වන සංශෝධනයේ 53 වගන්තිය අනුව පරණ ඇමතිවරු ආයෙත් දිවුරුම් දෙන්න ඕනෑ.

    • Devaka says:

      මහින්දට ලගදී එක්කල ආර්තික සැලසුම් ක්‍රියාත්මක නාගරික සංවර්ධන නිවාස ,ඉදිකිරීම් ,බුද්ධසාසන ආයතන සංඛ්‍යව 100 කට අධිකයි .නාමල්ට ආයතන 100 කට අධිකයි. තව මොන මගුලකටද විමල්ලගෙ කෑලි ගලවන්නෙ. මහින්දට දැන් මොන ඇමතිකම්ද? යකෝ මේ පෞල විතරද ජීවත් වෙන්ඩ ඕනෑ මෙහෙම ගියොත් ලබන සැරේ මුන්ගේ එකෙකුටවත් ඇප නැතිව යනව මේ වගේ කොමෙන්ට් මේ වහල්ලු බයට දාන්නේ නෑ අපි කියන්නේ ඇත්ත2.

      • දිව්ර්රරා says:

        දිව්රුම කන්නද බන්. වැඩේනෙ කෙරෙන්න ඕනෑ

  2. Banda says:

    One thing is clear… That is this government is unpopular and is in the ICU.

  3. Darshana abayakoon says:

    ශ්‍රි.ල.නි.පෙ පිහිටෙන් ඇමති කටුව ආරක්ශා කර ගන්න දගලනවා පව් අප්ප පචා යුදේ.

  4. Ravi k says:

    Me Rajapakses pawula karanne pragathiseeli deshapalanayata wisala winasayak .
    Next election eken Rajapakse la ,kohomath antheta paradinwa. Beliatta asanaya pawa paradinawa.
    Ikmanin SLFP /wimal wage Aya anduwen Ain wenna one.

Main News