විමල්ගේ කතාවෙන් චීන ලොක්කන් පුදුම වෙති.. මුහුනෙන් මුහුණ බලාගනිති..

August 20, 2022 at 12:02 am | lanka C news
විමල්ගේ කතාවෙන් චීන ලොක්කන් පුදුම වෙති.. මුහුනෙන් මුහුණ බලාගනිති..

චීනයේ යුආන් වැන්ග් 05 පර්යේෂණ නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරාය පරිශ්‍රයට සේන්දු විය. ඒ ඊට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනෙකුත් පහසුකම් සපයා ගැනීමටය. ඉන්දියාවේ විරෝධය එළිපිටම ද ඇමරිකා එක්සත් ජනපදයේ විරෝධය අභ්‍යන්තරයෙන් ද එල්ල වීම හේතුවෙන් එම නැවට පසුගිය 11 වැනිදා හම්බන්තොට වරායට ඇතුළුවීමට ලබාදී තිබූ අවසරය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබිණි. ඒ අනුව මෙම නෞකාව දින පහක ප්‍රමාදයකින් පසු ශ්‍රී ලංකාවට සේන්දු වන විට මුළුමහත් ලෝකයේම අවධානය ඊට යොමුව තිබිණි. කෙසේ වෙතත් යුආන් වැන්ග් 05 නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයට ඇතුළු වීම වෙනුවෙන් 16 වැනිදා උදෑසන එහිදී විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබිණි.

ඒ සඳහා ඇරයුම් ලැබූවන් අතර ‘නොබැඳි විදෙස් පිළිවෙතක් අනුගමනය කරමින් කවර හෝ බලපෑමකට නතු නොවී අනුමැතිය දුන් පරිදි යුආන් වැන්ග් 05 නෞකාවට හම්බන්තොට වරාය පරිශ්‍රයට ඇතුළු වීමට අවකාශය සලසා දිය යුතුයි’ යන කරුණ දැඩි සේ ආණ්ඩුවට දිගින් දිගටම අවධාරණය කළ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද වූහ.

එම උත්සව සභාව අමතා විමල් වීරවංශ මහතා අදහස් දක්වන අතරතුර චීන හා සෙසු රාජ්‍යතාන්ත්‍රික පිරිස් මුහුණින් මුහුණ බලන ආකාරයක් දක්නට ලැබිණි. ඊට හේතුව ඔහුගේ කතාවේ දී පැවසූ ‘ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා කරගනිමින් අපි සියලුදෙනාටම ඉදිරියට යන්න පුළුවන් වේවි’ යන වාක්‍ය ඛණ්ඩය ‘ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කරගනිමින් අපි සියලුදෙනාටම ඉදිරියට යන්න පුළුවන් වේවි’ එනම් ‘Sri Lanka State’ යන්න ‘Sri Lanka Government’ යන අයුරින් භාෂණ පරිවර්තකවරයා විසින් පරිවර්තනය කිරීමයි.

එම කරුණ, කතාව අතරතුරේදීම විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම පරිදි නිවැරදි කිරීමට භාෂණ පරිවර්තකවරයා පියවර ගත් අතර උත්සව සභාවට මතුවූ කුකුස ඒ සමගම නිමවිය.

Reporter

198,627 views

18 Comments to “විමල්ගේ කතාවෙන් චීන ලොක්කන් පුදුම වෙති.. මුහුනෙන් මුහුණ බලාගනිති..”

  1. Jagath says:

    අපේ රටේ බක පණ්ඩිතයන් ටික දෙනෙකුටත් පුකේ අමාරුව හැදිල තියෙන්නෙ
    විමල් ඔය “රාජ්‍යය” කියපු කියල එකෙන් අදහස්කලේ මොකක්ද කියල තේරුම්
    ගන්ඩ තරම් බුද්ධියක් නැතිකමයි.

  2. අරුණ කුමාර says:

    අපට නම් පුදුමයක් නෑ විමල්ලා කතා කරන හැටි. ඉදිරිය සුබ නැත.

  3. ඡන්ද ප්‍රතිඵල says:

    ඉංග්‍රීසියෙන් හිතන පරිවර්තකයන්ගේ නොහැකියාව ඉංග්‍රීසියෙන් වැඩ කරන උගතුන් බොහෝ දෙනෙක් ළග ඇත.

  4. සේකර says:

    සිංහලෙන් හිතන විමල්ට ඉංග්‍රීසියෙන් හිතන පරිවර්තකයාගේ වැරැද්ද නිවැරදි කරන්න හැකි වීම ස්වචින්තනයෙන් පැමිණීමකි.

    • විමල්ට ඒ තරම් හොදට ඉංග්‍රීසි බැරී උනත් , state කියන වචනෙය්, government කියන වචනෙය් වෙනස නොතේරෙන බවක් මට නම් සිතෙන්නේ නැත. ඔහුට එය ඇසුනාම නිවැරැදි කරන්න ඇති s

      • විරෝධතා says:

        ඉංග්‍රීසි පුලුවන් කියන එකානෙ ඉංග්‍රීසි වරද්දල තියෙන්නෙ. සිරි ලංකාවෙ නඩුකාරයිත් ඉන්නව ඉංග්‍රීසි වරද්දන

  5. කිරිහාමි says:

    මට නම් ඔය දෙකේ වෙනසක් පේන්නේ නැහැ

    • රාජ්‍යය යනු ඇසට නොපෙනෙන, හැඟීම් නොදැනෙන, ස්පර්ෂ කළ නොහැකි, අතිශය සංකීර්ණ වූ පරමාදර්ශයකි.
      නමුත් ආණ්ඩුව යනු ඇසට පෙනෙන, හැඟීම් දැනෙන, වෙනස්වීම් වලට බඳුන් වන, ප්‍රායෝගිකත්වයක් සහිත ආයතනයකි.

  6. කලියුග කාලේ says:

    “විමල්ගේ කතාවෙන් චීන ලොක්කන් පුදුම වෙති..🤣😂
    රනිල් හම්බන්තොට වරාය චීනයට දෙනකොට “චීනාට රට විකුණනවා” කියා විමල් ජෙප්පන් එක්ක වැලලෙන්න විලාප නැගුවා.
    රනිල්ට ‘වික්කමසිංහ’ කියලා නමකුත් දැම්මා.
    අද මේ නිගණ්ඨ කල්ලිය හම්බන්තොට වික්කමසිංහ වරායට ගිහින් චීන නැව මල් මාලා දාලා පිලිගන්නවා.
    ඕකට කියන්නේ “මගේ කලිසම ඌ උගේ වගේ ඇඳගෙන යනවා” කියලා

  7. Lalla says:

    රනිල් ජනපති හැර තව කාටද ඔය භාෂාව පාවිච්චිය ඔයතරම් හොඳට පුලුවන්? අර ඉස්සර බෙරිහන්දුන්න දැන් සන්සුන් වගේ
    පේන අගමැතිතුමා… ….. උතුරේ මන්ත්‍රීල නම් ඔව්…

  8. aanamaduwe maanavadu says:

    mona mala ilawwakatada me vimalaya okata gihin kata varaddagaththe? moo aanduweth nehe, vipaksheth nehe. thava monava balaaporoththuwenda ehe giye? ethaninuth keeyakhari kadaaganna puluwanveida kiyala
    hithaagenada? sinhala vitharak dannaa moovage amu baiyan kata noeriya yuthui. echcharai mamanam kiyanne.

  9. dickie bird says:

    We are a Nation of Prosttitues Including the JVP,FLSFSP, Anthare.
    We are ready to sell our Country for a fist full of $ to fulfill agendas of external forces.
    Blessed Nation with cursed people.
    Its time we seek divine intervention.

    When will we ever unite. We are a Nation of fractured Society filled with Jealousy,Greed & Selfishness

Main News