විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

February 11, 2021 at 10:00 am | lanka C news
විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

විමල් වීරවංශ ඇමතිවරයාගේ ප්‍රකාශයන් සමඟ මත ගැටුම් ඇති කර නොගන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ වල නායකයන්ට දැනුම් දී ඇත.

අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම දැනුම් දීම සිදු කර තිබේ.

විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශයේ හරය තමන් දන්නා බවත් අනෙක් අයට එය නොතේරෙන නිසා ගැටලු මතු වී ඇති බවත් අගමැතිවරයා පෙන්වා දී තිබේ.

තමන් නොමැති අවස්ථාවක කල ප‍්‍රකාශයක් ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දී ඇති වූ මත ගැටුම සම්බන්ධයෙන් ඇමැති විමල් වීරවංශ අදහස් දැක්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කර ඇත.

78,355 views

28 Comments to “විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද”

  1. ආණ්ඩුව says:

    දැන්නම් හොදටම තේරෙනවා ගෝඨාබය ඈතුලු ආණ්ඩුව විනාශ වෙන්න යන්නේ කියලා. ලන්සලා , සනත් නිශාන්තලා, පොහොට්ටු මන්ත්‍රී වගේ රට ජාතියට, පරිසරයට ලංකික කමට ආදරය නැති පාපතර, උඩගු, මොලයක් නැති, අධ්‍යාපනයක් නැති, ජාවාරම්කාර, හොර තක්කඩි කල්ලි මෙහෙයවන, මී හරක් ලව්වා බැසිල් වැනි කපටි මිනිසෙකු වෙනුවෙන් සහ ඔහු ලවා මහින්ද වැනි කලගුණ නොදත් පුද්ගලයකු, ජනතාව පත් කරගත් ගෝඨාභය ඇතුළු ආණ්ඩුව විනාශ කරමින් සිටී. අහෝ අපේ රට. මෙයින් හකීම්, බදුර්දීන්, ඩයස්පෝරා ඒජන්තයින් ප්‍රයෝජනය ගනු ඇත. මහින්ද ඔවුන් සමග නිර්ලජ්ජිතව ආණ්ඩු කරනු ඇත.

    • Alapaluwa says:

      ඔය අද කෑගසන ඔක්සිජන් කාරයෝ.මීගමුවේ පැත්තේ කුඩුකාරයෝ දැන් බොරු සෝබන දැම්මට මහින්ද මැතිතුමා දන්නවා හදවතින්ම එතුමාව නැවත කරළියට ගෙනඒමට කොපමණ වෙහෙස මහාන්සියක් මේ විමලේ ගත්තද කියා. මේ අනිත් එවුන් කුළියට අනුන්ගේ සීනි කිරන්න හැදුවට රටේ ජනතාවත් දන්නවා මිමලේ කියන්නේ කවුද කියා!

  2. Sanka says:

    අනික් උන් හරක් කියලා හැමෝම දන්නවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හරක් ටික හරියට පාලනය කරන්නේ නැති එක….

  3. ඔබතූමා කෙලෙහිගුන දන්න මිනිහෙක් කියලා ඔප්පු කරපු එක ගැන, අපි සතුටු වෙනවා! ඔබතුමාගේ අබ්මානවත් දේශපාලන කුරහන් සාටකය කුරහන් සාටකය, අසූචි බාල්දියක ඔබන්න තමයි…බැසිල් මල්ලිගේ ගොන් මීමෝ ටික උම්බෑ කීවේ. විමල්ගෙන් නොවේ , ඔබතුමා බැසිල් ලොක්කාගෙන් පරිස්සම් වෙන්න. ගිය පාරත් ජනපති පුටුවෙන් ඇදලා දැම්මේ ඔය අමනයා තමයි. ජනතාව මොංගල් කියලා හිතන්න එපා !

    • Saroja says:

      Thanx Mahinda for your understanding.All These other politicians are not matured like you including your siblings. Namal should learn meny lessons from his father.

  4. රටට හිතැති says:

    විමලයා ආන්ඩුව වැට්ටවීමෙ කුමන්තරනයක.

  5. කරු 1 says:

    2015 දි වෙන්න ගිය දේ වීගෙන යනකොට නාවත්තගත්තේ නැතිනම් වෙනදේ කලින් දැකලා නෑ කියන දේ තේරුම් ගත්තොත් හොඳයි.
    කැ ගහන මිහරක් පරණ ගමන යන්න හදන්නේ. වෙනස් කළ යුතුමයි ඒ වැඩපිළිවෙළ. විමල්ට ජය

  6. Prasanna says:

    ඊ ලග ජනාධිපති මැතිවරණය ට විමල් පත් කර ගමු….

    • Wewegadara Appuhamy says:

      Too early to move a such political platform by People of Lankan?
      Our struggle is to be completed unfinished of colonial rule by current governance leadership of Gotabaya Rajapaksa and leaders of SLPP! #

  7. Piyadasa Yalagala says:

    If you know that speech by Wimal W….. better than others, why do not explain to your own party members as leader of Party and Country?
    Hope you will give details to public is better than delay.!@

  8. Nandasoma Suriyaarachchi says:

    වචනයක් අල්ලගෙන මේ තරම් පහත් ප්‍රතිචාර දැක්වීම අවිචාරවත්….!
    මහින්ද මහත්තය කියනව වගේ, විමල්ගෙ අදහස් ප්‍රකාශ කිරීම වැරදියට තේරුම් ගැනීම තමයි ගැටලුව…..!!
    ඒක තේරුම් ගන් මොලයක් නැත්නම් කණගාටුයි…..!!!

  9. bolpilima says:

    බූරු පුත්‍රයන්ගේ සමාගමට වැටුනම

  10. Fernando says:

    මහින්ද මහත්තයා තේරුම් ගත්තනම් ප්‍රතිචාර දක්වන්න තිබුනෙ මුලදිම පොහොට්ටු හෙන්චයියලා රාග තාල දමල නටන්න කලියෙන්.මොකද එයානෙ පොහොට්ටු ලොක්කා.එතකොට එයාට ඒක කරගන්න බෑ කියන්නෙ,බැසිල්ද නිල නොලත් අගමැති?සමහරවිට දුකද දන්නෙ නැහැ එස්බීලා, ඩිලාන්වල එලියෙ අඩ අඩා ඉන්නවට?

Main News