විමල්ගේ ජානිපෙ මන්ත‍්‍රීවරයෙක් සන්ධානයෙන් ඉවත් වෙන්න බෑ කිවුවා..- අමරවීර කියයි.. ජානිපෙ සියළු මන්ත‍්‍රීන් නෑ කියයි..

March 6, 2017 at 3:50 pm | lanka C news
විමල්ගේ ජානිපෙ මන්ත‍්‍රීවරයෙක් සන්ධානයෙන් ඉවත් වෙන්න බෑ කිවුවා..- අමරවීර කියයි.. ජානිපෙ සියළු මන්ත‍්‍රීන් නෑ කියයි..

ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට අකමැති යයි තමනට දැනුම් දුන් බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මාධ්‍යවේදීන් අමතමින් මේ බව කියා සිටි මන්ත‍්‍ර‍්‍රීවරයා අදාල ප‍්‍රකාශය තහවුරු කිරීම සදහා කිසිවක් ඉදිර්පත් කලේ නැත.

කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් විමල් වීරවංශට අමතරව පාර්ලිමේන්තුවේ සිටින ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, උදය ශාන්ත ගුණසේකර, නිරෝෂන් පේ‍්‍රමරත්න යන මන්ත‍්‍රිවරුන්ගෙන් අප කල විමසීමකදී ඔවුන් පැහැදිලිවම කියා සිටියේ සන්ධානය තුල තමන් කිසිවෙකු කටයුතු නොකරන බවත් ඒකාබද්ද විපක්‍ෂය සමග පමණක් දේශපාලන කටයුතු ඉදිරියට කරන බවත්ය.

ලිඛිත ඉල්ලීම් ලබා දීම සම්බන්ධයෙන් අදහස් පලකරමින් ඔවුන් කියා සිටියේ තම නායකයාගේ උපදෙස් මත ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඒ ආකාරයේ ලිපි ලබා දීමේ උවමනාවක් ඇතැයි නොසිතන බවත්ය.

24 views