විමල්ගේ දියණිය විමාෂාට දැඩි පීඩා.. ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කරයි.. [Video]
November 4, 2016 at 5:30 pm | lanka C news![විමල්ගේ දියණිය විමාෂාට දැඩි පීඩා.. ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි කරයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/11/wimasha.jpg)
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාෂා විශ්වාදරී විසින් අද දිනයේ ලමා රක්ෂක අධිකාරිය වෙත පැමිණිල්ලක් කර තිබේ.
සිය නිවසේ තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විවිධ මඩ ප්‍රචාර සිදු කරමින් තමනට බරපතල ලෙස මානසික හිංසනයන් සිදු කරන බව ඇය පැමිණිල්ලෙන් කියා සිටී.
ඇගේ මව ශෂී වීරවංශ මහත්මියද ඒ අවස්ථාවට පැමිණ සිටි අතර නීතිඥ ප්‍රේමනාත් සී දොලේවත්ත විසින් අදාල පැමිණිල්ල බාර දී ඇත.
එසේ අසත්‍ය ප්‍රචාරයන් සිදුකල වෙබ් අඩවි ඒවා මෙහයවන්නන් සම්බන්දයෙන් ප්‍රමාණික තොරතුරුද පැමිණිල්ල සමග බාර දී ඇත.