විමල්ගේ පක්ෂය බිලි බා ගන්න එජාපයෙන්-ශ්‍රීලනිපයෙන් මෙහෙයුම්.. මුදල් ‘රෝ’ ඔත්තු සේවයෙන්..
December 4, 2017 at 3:29 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයන් බිලි බා ගැනිම සදහා සිරිකොතෙක් හා ඩාලි පාරෙන් සැලසුම් සකස් කර ඇති බව එම පක්ෂ නියෝජ්‍ය ලේකම්, පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සදහන් කරයි.
එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
“2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ යහපාලන කල්ලිය කල්පනා කළා සැබෑ විපක්ෂ බලවේග බිමට සමතලා කරලා වසර 20ක පමණ පාලනයක් එක දිගට ගෙන යන්න. ඒත් 2015 පෙබරවාරි 18 වන විට ඒ දේශදෝහී න්‍යාය පත්‍රය ආපසු හැරවීමට සමත් දැවැන්ත ජන බලයක් අපි නුගේගොඩ දී ඒකරාශී කළා. ඒ ක්‍රියාවලියේ මහ මොළකරු වූයේ අපේ පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා. ඔහු 2015 ජනවාරි 09 වැනිදාම කීවා, ‘අපිට මේ ද්‍රෝහී හවුල පරද්දන්න පුළුවන්. ඒ සඳහා අපි යළි නැගිටින්න ඕනෙ මහින්ද සමගයි’ කියා. ඔහු කීවා වගේම එදා මහින්ද වටා නුගේගොඩ දී ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එකතු වුණා.මේ යහපාලන නඩයට එරෙහිව සටන් වදින බව ඒ ජනතාව සපථ කළා.
ඒ වගේම ගෙවීගිය වසර තුන තුළ දී මේ ආණ්ඩුවේ රට බෙදන, රට විකුණන වැඩපිළිවෙළට එරෙහිව ජනතාව පෙළගැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර ඉදිරියෙන්ම සිටින්නේ විමල් වීරවංශ මහතායි. ඒ නිසා මේ යහපාලනය පිඹුරුපත් සැකසුවා ජාතික නිදහස් පෙරමුණ, එහි නායකත්වය දුර්වල කරන්න.
නිරතුරුවම අපේ පක්ෂයේ දුර්වල අය බිලීබා ගැනීම සඳහා සිරිකොතින් හා ඩාර්ලි පාරෙන් පිඹුරුපත් සැකසුණා. මේ සඳහා අවශ්‍ය මුදල් වැඩි ප්‍රමාණයක් මුදා හැරියේ ‘රෝ’ ඔත්තු සේවය විසින් බව අනාවරණය වී තිබෙනවා.
අපේ පක්ෂය බිහි වී වසර 10ක් ගත වී නොමැති වුවත් එය මේ මව් පොළොව සමඟ හොඳින් මුල් ඇද අවසන්. එහි දේශපාලන මණ්ඩලයේ සහ මධ්‍යම කාරක සභාවේ අතිබහුතරය මස්තිෂ්කයට, අනුමස්තිෂ්කයට හා සුෂුම්නා ශීර්ෂකයටත් කිසි ගැටළුවක් නැති මේ මව් පොළොවට උරුම ඓතිහාසික සභ්‍යත්වය රැක ගැනීමට සූදානම් පිරිසක්.
ඒත් අප සමඟ සිටි සුෂුම්නා ශීර්ෂකය දුර්වල පිරිසක් දැන් සිරිකොතින් සහ ඩාර්ලි පාරෙන් ඩැහැ ගනිමින් තිබෙනවා. මේ ‘දෙකයි පනහේ’ කෑලි ගොදුරු කර ගනිමින් ගෙන යන මෙහෙයුම දෙස බලන විට එක අතකින් අප සතුටු වෙනවා. ඒ ජාතික නිදහස් පෙරමුණත්, එහි නායක විමල් වීරවංශත් විනාශ කිරීමෙන් තොරව තමන්ට පවතින්න බැහැ කියන එක මේ සතුරු කඳවුර තේරුම් ගෙන සිටීම ගැනයි.”
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
ජනතා ද්‍රෝහීන්ගේ උපක්රමවලට නොරැවටී ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ ශක්තිය ලැබේවා….!
නායකයාට නඩු පිට නඩු වැටෙනවිට..
ඔහු තනි කරන්නේ කවුදැයි අසනවිට…
ඒ මා තමයි කියලා උන් කියනවිට…
හිත ඉකිගසනවා පනිනව දකිනවිට…
නඩු පිට නඩු වැටෙන විට..
ඉන්නට අමාරුයි තව දුරටත් එකට…
හිටුයොත් කන්න වෙන්වා හිර බත් අපට..
කියලා කිව්ව පියසිරි හිවලා රටට…
පවු……..උදය ලා……දිනේශ් ලා…….වාසු ලා…..ඇදපු බර……දැන් තනි තරුවක් පායලා….
කිඹුල් කඳුළු ……
Aneh Ape Vimal RAW amuwen awath mudalwalata pawa denne nehe. Deergayu pathami
Rubbish !!
Bribe king, all those bog houses, Garment trade fraud. & not to miss that innocent child who mysteriously died in his house party. No inquiry at all, his thugs even threatned journalist not to publish any news about it.
Also as a JVP member he killed more that 100,000 innocent people between 1981 & 989
Wathura baldiye kimbullulu.
Members with clear VISION decided to leave the party for the betterment of the Country! This will be a new ERA of this country!
විදේශ කුමන්ත්‍රණ රෝගයෙන් පෙලෙන පක්ෂයනෙ රෝ සංවිධානයට පිස්සුවැයි කට හැකර වාචාලයෙකුට සල්ලිදෙන්න
If you all join slfp there will be no more votes from people because it is better to vote for UNP or not to vote.SLFP is already a party of UNP which is controlled by diaspora and foreign powers to get the federal constitution.Sirisena will not deviate from them because he and his family has got enormous benefits from foreign countries by agreeing to get federal constitution.
people will not agree with ministers who join SLFP.
විජේසිංහ වගේ නමක් තියන තට්ටයෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ හිටිය ඌ විමල්ට එරෙහිව ගිහින් පස්සේ SLFP එකට ගිය මතකද? මූ කලින් ඉඳලම සිරිසේන එක්ක ඩීල් දන අතරේ තමුන්ගේ සහ සිරිසේනගේ සල්ලිවලින් ජාතික නිදහස් පෙරමුණේ නඩත්තු කරපු කල්ලිය තමයි එක එකා SLFP එකට පනින්නේ. මුන් විදේශ බලවේග විසින් ස්ථාන ගතකල ට්‍රෝජන් අශ්වයෝ. පොහොට්ටුව කිසිම විදියකින් සිරිසේනට යටත් නොවූ නිසා දෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් මේ. පොහොට්ටුව මෙවැනි ප්‍රහාර වලට නොබියව මුහුණ දිය යුතුය. ඒ සදහා අවශ්‍ය මහජන බලය පොහොට්ටුව සතුව ඕනෑවටත් වඩා තිබේ. චන්දයේදී මහජනතාව ප්‍රතිප්‍රහාරය දෙනවා නියතයි.
වීරකුමරගේ කතාව ඇත්ත, ඒ කියන්නේ මූ කවද හෝ UNP එකට යනවා සිරිසේනත් එක්ක. පළාත් පාලන චන්දෙන් SLFP චන්ද පදනම 1% න් පහලට වැටුනම අද සිරිසේන සමග ඉන්න SLFP කාරයෝ බඩගාගෙන මහින්ද මහත්තය ලඟට එනකොට වීරකුමාර, සිරිසේනගේ ලේකම් ඩබල, මහින්ද සමරසිංහ ආදී අපතයෝ UNP එකට යනවා සිරිසේනත් එක්කල. එදාට SLFP එක එක්කෝ වලලන්න පුළුවන් නැතිනම් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්.