විමල්ගේ ප්‍රධානත්වයෙන් ‘ගොරක් කෝලා’ සහ ‘තල් කෝලා’ වෙලද පලට…

February 12, 2022 at 3:21 am | lanka C news
විමල්ගේ ප්‍රධානත්වයෙන් ‘ගොරක් කෝලා’ සහ ‘තල් කෝලා’ වෙලද පලට…

‘නෙල්ලි කෝලා’ නිෂ්පාදකයා වන පානදුර ‘මා ප්‍රොඩක්ට්’ පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ජනගත කිරීමේ උත්සවයක් (11) පානදුර නගර ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන ‘ගරක් – කෝලා’ සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන ‘තල් – කෝලා’ යන නව නිෂ්පාදන ජනගත කිරීම සිදුවිය.

මෙම නව නිෂ්පාදන ජනගත කිරීමට අමතරව ‘maa Product’ ආයතනය ‘ගෞරව උත්තමාචාර ප්‍රණාම උළෙලක්’ ද සංවිධානය කර තිබූ අතර එහිදී ‘කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා දේශීය කර්මාන්ත ප්‍රවර්ධනයට ගන්නා පියවරයන් අගයමින්’ විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය.

එසේම ආතර් වී. දියෙස් ශ්‍රීමතාණන් අගයමින් සම්මාන පිදීමක් සිදු වූ අතර එය එතුමන්ගේ මී මුණුපුරු වෛද්‍ය එරංග පතිරණ මහතා වෙත ප්‍රදානය කෙරිණි.

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා, ප්‍රවීණ චිත්‍ර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර, ප්‍රවීණ හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පී ලයනල් පීරිස්, ප්‍රවීණ නිර්මාණවේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලයනල් බෙන්තරගේ යන මහත්වරු ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

පැමිණි ආරාධිතයන් පිළිගැනීම ‘maa Product සමාගමේ සභාපති මුදිත සමනක්කොඩි මහතා විසින් සිදු කළ අතර මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

67,036 views

22 Comments to “විමල්ගේ ප්‍රධානත්වයෙන් ‘ගොරක් කෝලා’ සහ ‘තල් කෝලා’ වෙලද පලට…”

  1. John the baptice says:

    ගොරකා (Tablat) යුරෝපය වැසියන් බහුලව බාවිතා කරති.වැඩියක් තර බාරු අයයි.

    • suren says:

      Good news , Wimal keep promoting local products & these healthy beverages should fetch a good market in the western world without a doubt.Give a good promotional campaign & make available at all our hotels to sell it to tourists.

  2. Dulmina says:

    පුළුවන් නං ,
    ඇල් වතුරයි , උණු වතුරයිත් පටවපං !
    රට බංකොළොත් වෙනකම්ම තරගෙට හොරා කාල පිටරටවල බැංකුවල හංගගෙන නටන නාඩගං !!

  3. Lowa palamu wathawata goraka ..thal..nelli kurundu carbaneted drink ekak lesa neshpadanaya keremata hakeweema apa labu vesala ජයග්‍රහණයක් ..eyata karmantha amathiwaraya lesa ohu apa සමාගම dereganveema gawrawayena sehepath karanawa..me neshpadana pilibanda nese awabodayak nomathiwa ho athiwa හොඳට නරකta adahas දැක්වීම අගය කරමි …ස්තුතිය ..Maa product pvt Ltd .chairman Muditha Samanakkody ..