විමල්ගේ බිරිද ශෂී වීරවංශ රිය අනතුරක..

May 16, 2018 at 11:20 am | lanka C news
විමල්ගේ බිරිද ශෂී වීරවංශ රිය අනතුරක..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය ඇතුළු පිරිසක් ගමන් කල ජීප් රථයක් අනතුරට පත්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ දංකොටුව-නාත්තන්ඩිය මාර්ගයේ මාවතගමදී ඊයේ පස්වරු 06.00ට පමණය.

අතුරු මාර්ගයකින් ප‍්‍රධාන මාර්ගයට පිවිසි වාහනක ගැටී සිදුව ඇති මෙම අනතුරින් කිසිවෙකුට තුවාල සිදුව නැත.

වීරවංශ මහත්මිය සිය ඥාති පිරිසක් සමගින් ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

124,039 views
Main News