විමල්ගේ මන්ත‍්‍රී තනතුරින් ඉල්ලා අස්වෙයි…

March 14, 2022 at 12:40 pm | lanka C news
විමල්ගේ මන්ත‍්‍රී තනතුරින් ඉල්ලා අස්වෙයි…

’69 ලක්ෂයේ ජනවරම’ දුර්වර්ණ කරන ආණ්ඩුවකින් ලබාදුන් තනතුරක් දැරීම තම හෘදසාක්ෂියට අනුකුල නොවන බැවින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

අද(14) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවැසුවේය.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද(14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කරන බව ද ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරමට පිටුපෑමට මෙන්ම එම ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ නායකයන් දෙපළක් ජනාධිපතිවරයා සිය බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර සිදුකර ඇති ක්‍රියාව කිසිසේත්ම පිළිගත නොහැකි වීම, එමගින් මතුව ඇති ජනතා ප්‍රසාදය සුළුපටු එකක් නොවීම, ගොවි ජනතාවගෙන් සහ සෙසු ජනකොටස්වලින් ආණ්ඩුවට එල්ල වී ඇති බලවත් විරෝධය යන කරුණු හේතුවෙන් තවදුරටත් ඉහත කී තනතුර දැරිය නොහැකි බව ද මෙහිදී නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

69 ලක්ෂයේ ජනවරම මෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 ජනවරම නිර්මාණය කිරීමට ආරම්භයේ සිට විවිධ කැපකිරීම් කරන ලද දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයන් නොසලකා හරිමින් සාමූහික ප්‍රයත්නයකින් තොරව ඇතැම් ජාතික තලයේ තීන්දු තීරණ ගැනීම තුළින් එම පක්ෂ දේශපාලනික වශයෙන් අනාරක්ෂිත වූ බවත් සමස්ත සමාජය පුරාම එම තීන්දු තීරණ ගත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව පිළිබඳ ප්‍රසාදය වේගයෙන් අහිමි වූ බවත් ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය. කාබනික පොහොර හඳුන්වාදීමේ තීන්දුව ඊට නිදසුනක් ලෙස දැක්විය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම රටටත්, ජනාධිපතිවරයාටත් සතුරු බොහෝ අය ආණ්ඩුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ සිටින පරිසරයක් තුළ සැබෑ මිතුරන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීම රටත් ජනතාවත් කුමන අයුරකින් දරා ගනී දැයි පැවසිය නොහැකි බව ද නිමල් පියතිස්ස මහතා කීය. ජාතික නිදහස් පෙරමුණට මුල සිටම සතුටුවිය හැකි පරිසරයක් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ නිර්මාණය නොවූවත් තම පක්ෂය, ‘පක්ෂයට වඩා රට’ මුල් තැනට තබා දේශපාලනය කරන හෙයින් සිදුවන අසාධාරණකම් ඉවසූ බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. නිදසුනක් ලෙස අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ දී තම පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතාට කිසිදු විෂයක් ගැසට් නොකළ අමාත්‍යාංශයක් ලබාදීම ඊට එක් නිදසුනක් පමණක් බව ද නිමල් පියතිස්ස මහතා සිහිපත් කළේය.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ

81,728 views

9 Comments to “විමල්ගේ මන්ත‍්‍රී තනතුරින් ඉල්ලා අස්වෙයි…”

  1. Preethi says:

    Echcharai aduwata thibune!!!. Raata Light kapana nisa, upath paalanaya karanna hadana vedak wagei

  2. dev says:

    tama tamange pudgalika targert ekaparata etu karaganna giyama ohoma wenawa wimal mahattaya. kalayak bala hitiya nam itu wewi. champikata uneth eka tamai. padamak eena ganna tibuna eken. champikata wada nam obatuma 1000 gunayak hondai.

  3. නුවනින් says:

    “ජනතා අප්‍රසාද්‍ය සුලුපටු එකක් නොවන බව”
    ඔය ප්‍රකාශයෙ සත්‍ය බලාගන්නනම් මගේ නමින් පසුගිය සතියට පෙර තිබූ කොමෙන්ට්ස් කියවන්න ගෝටාභයට පක්ශව කොමෙන්ට්ස් දෙමූ මම එක දිනකින් වෙනස් උනේ ගොටාබයගේ ඒ තකතිරු තින්දුව නිසයි .රාජපක්ශලාගේ ඉරනම තීන්දුයි .එක යුගයක් අවසානයි රට ජාතිය ආරක්ශා කර මෙරට දියුනු කරන්න අපි ලබාදුන් ජනවරම තොපි විනාශකාරීව පාවිච්චි කලා.ඉර්හින් ආයුබෝවන්

  4. daya says:

    මොන තනතුර දුන්නත් කරන්න බැරි මිනිහට කරන්න බෑ තමයි . කට තිබ්බට මදි වැ ඩ කරන්න හැකියාවක් අවශ්‍යයයි.ඒ නිසා පුළුවන් ක
    කෙනෙකුට පැන්ෂන් අරන් ‌නඩේම ගෙදර යන එක තමා හොදම දේ.

  5. නිමල් පියතිස්ස සහෝදරයා මධ්‍යම පලාත් කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කරද්දී තමයි, ගන්නොරුව හදබිම ඉදිරියේ ඇති දේශීය ආහාර වෙලදසැලත්, කෘශි රසායනික වලින් තොර එලවලු වෙලදසැලත් මුලින්ම හදුන්වා දුන්නේ!අද ඒ “හෙළබොජුන්” රටපුරා ඉදි වෙලා!දිලිදු කාන්තාවන් කී දෙනෙකුට රැකියා ලැබුනද? නිමල් පියතිස්සලගෙම අන්ඩුවකින් මීටත් වඩා නිර්මාන්ශිලී නව ව්‍යාපාර ඇතිවේවා!ප්‍රගතිශීලී තීරනයට අපගේ ප්‍රනාමය !

  6. Wimal Perera says:

    Please resign from Your parliament seat as a protest.

  7. ග්‍රාම සේවක says:

    මෙයා පන්සලේ ඉඩම මංකොල්ල කෑව හැටි වලපනේ මිනිස්සු කියයි…

Main News