විමල්ගේ වැය ශීර්ෂය පරදවන බව පොහොට්ටු පසුපෙල අගමැතිට දන්වලා..?

March 12, 2021 at 10:26 pm | lanka C news
විමල්ගේ වැය ශීර්ෂය පරදවන බව පොහොට්ටු පසුපෙල අගමැතිට දන්වලා..?

අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් දැඩි පියවරක් නොගන්නේ නම් එළඹෙන අයවැයේ දී ඔහුගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇතැයි ‘අනිද්දා’ පුවත්පත වාර්තා කර තිබේ.

එම පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 40කට වැඩි පිරිසක් අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා මුණගැසී එසේ දන්වා ඇතැයි එම වාර්තාවේ සඳහන්ය.

විමල් වීරවංශ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් ආණ්ඩුව විවේචනය කරන සිටින බවද මන්ත‍්‍රී පිරිස පෙන්වා දී ඇතැයිද එහි වේ.

29,040 views

17 Comments to “විමල්ගේ වැය ශීර්ෂය පරදවන බව පොහොට්ටු පසුපෙල අගමැතිට දන්වලා..?”

  1. බන්ඩා says:

    රනිල් ට වගේම ඇමරිකන් බැසිල් ටත් ලංකාවෙ ජනාධිපති වෙන්න බැහැ. – ජාතිකවාදී සංසදය

  2. john the baptice says:

    අනේ විමලේ ජනපතිවරනයට ආවොත් චන්ද ලක්ෂයක්වත් ගන්න බැ

  3. RAYMOND says:

    ඔය මෝඩ් පසු පෙලට කියා දෙන්න
    වැය ශීර්ෂය පරාජය වෙනවා කියන්නේ ජනාධිපති තුමා හා අගමැති දෙන්නටම පරාජය ක් කියලා
    අනික විපක්ෂ චන්දය දීලා විමල් දිනෙව්වොත්
    පසුපෙල ට යන එන මන් නෑ

  4. නියත පරාජය says:

    “විමල් එක්ක තියෙන තරහට ” රටේ මිනිස්සුන්ගේ මුදල් , රාජ්‍ය ආයතන , එක්ක සෙල්ලම් කිරීම හරිම කුහක දෙයක්නේ. තමන්ගේ පදේට නැටුවොත් හරි… නැතිනම් වැය ශීර්ෂය පරාද කරලා හරි පලිය ගන්නවා ගන්නවා ගන්නවාමයි….* තුක් නොදකින් * , “පොහොට්ටුවේ ඉන්නේ මේ වගේ දෙකයි පණහේ තක්කඩි හැත්තක්ද ? ” කවුරු වෙනුවෙන්ද ඒ වගේ තක්කඩියන් මේ කඩේ යන්නේ… ?????? දැනටමත් බැසිල් කඳවුර පරාදයි ! මේ වගේ කොන්ද පණනැති වැඩවලින් පෙනෙන්නේ ඒ බවයි….

  5. Nevil Thilak says:

    විමල් විතරක් නෙවෙයි ගොන් පොහොට්ටුවොත් ඒත් එක්කම මකබෑවිලා යන්නෙ ..කාලකණ්ණි පොහපොහොට්ටුවන්ට මොලේ නෑ ..

  6. ගමේ වෙදා says:

    මේ හැම පරයටම අමතක වෙලා තියෙන්නෙ මුන් මේ තැන්වල ඉන්නෙ රාජපක්ෂල නිසා නොව මහජනයාගේ ඡන්දය නිසා බව

  7. බන්ඩා says:

    බැසිල් ගෙ හරක් මංත්‍රී සෙට් එක බදුර්දීන්ලා ගෙ චන්දෙන් බැසිල් ජනාධිපති කොරන්න ලැහැස්තිය්. 😂