විමල්ගේ වැලිකඩ උපවාසය ටික ටික දරුණු වෙයි.. වතුර දැනට බොයි.. කිසිවෙකු හමු නොවෙයි..

March 23, 2017 at 1:20 pm | lanka C news
විමල්ගේ වැලිකඩ උපවාසය ටික ටික දරුණු වෙයි.. වතුර දැනට බොයි.. කිසිවෙකු හමු නොවෙයි..

වැලිකඩ බන්ධනාගාරය තුල උපවාසයක් ආරම්භ කර ඇති ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා දෙවන දිනටත් සිය උපවාසය ක‍්‍රියාත්මක කරමින් සිටී.

ඊයේ උදෑසන සිට ආහාර වර්ජනයේ නිරත වන ඔහු ජලය පමණක් ගැනීම සිදු කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

එමෙන්ම මන්ත‍්‍රීවරයා කමන් හමුවීමට එන කිසිදු පුද්ගලයෙකු මුණ ගැසීම ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටින බවද සදහන්ය.

දේශපාලන උවමනාව මත සිවිල් නඩු නිමිත්තකට තමනට මහාධිකරනයෙන් පවා ඇප ලබා නොදී සිටින බව පවසමින් ඊට විරෝධය පල කරමින් ඔහු මෙසේ උපවාසයේ නිරත වෙයි.

45 views
Main News