විමල්ගේ විරෝධය මැද කල මහින්ද-ජවිපෙ සාකච්චාවේදී සිදු වූ දේ මෙන්න…

March 6, 2019 at 10:28 pm | lanka C news
විමල්ගේ විරෝධය මැද කල මහින්ද-ජවිපෙ සාකච්චාවේදී සිදු වූ දේ මෙන්න…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප‍්‍රතිපත්තියක් ලෙස එකග නමුත් 13 වන සංශෝධනය, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමද ඒ සමගම කල යුතු බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අද ජනතා විමුක්ති පෙරමුණ සමග පැවති සාකච්චාවේදී සදහන් කර ඇත.

20 වන සංශෝධනය සම්බන්ධයෙන් එම සාකච්චාවේදී සැලකිය යුතු අවධානයක් යොමු කර නැත.

මෙම සාකච්චාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ජවිපෙ නායක අනුර දිසානායක මහතා මාධ්‍ය වෙත කියා සිටියේ සාකච්චාව මූලික පදනමක් ලෙස සාර්ථක බවයි.

සාකච්චාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ අද සාකච්චා වූ දේ ඒකාබද්ද විපක්‍ෂයට වාර්තා කර කණ්ඩායමක් ලෙස තීන්දුවක් ගන්නා බවයි.

කෙසේ වෙතත් මෙම සාකච්චා සම්බන්ධයෙන් යම් විරෝධයක් මතුකල විමල් වීරවංශ පාර්ශවයත් එම විරෝධය මැද සාකච්චා සදහා සහභාගී වූ ජවිපෙ පාර්ශවයත් යන දෙපාර්ශවම අමනාප කර නොගැනීමට මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කර සිටීම විශේෂත්වයකි.

සාකච්චාව සදහා ජවිපෙ වෙනුවෙන් ලාල් කාන්ත මහතා සහභාගී වීමට නියමිතව සිටියද බීමතින් රියපදවා අනතුරක් කිරීමේ වරදට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටීම හේතුවෙන් ඔහු ඊට සහභාගී නොවීය.

60,885 Viewers

13 Comments to “විමල්ගේ විරෝධය මැද කල මහින්ද-ජවිපෙ සාකච්චාවේදී සිදු වූ දේ මෙන්න…”

  1. Ariyathilaka says:

    තම පටු දේශපාලන අදහස් මුදුන් පමුනුවා ගැනීමේ අභිලාෂය සහ දේශපානික වශයෙන් පලිගැනීම සදහා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමත් ඒ තුලින් විදායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ චේතනාවෙන් කරන සාකච්ඡා, එකගතාවයන් රටේ අභිවෘද්ධිය පිණිස නොව අනාගත විනාශය පිණිස පවතිනවා ඒකාන්තය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය, කොමියුනිස්ට්වාදී මාක්ස්-ලෙනින් වාදය, දේශපාලන පදනම ය. ඔවුන්ගේ බලාපොරොත්තු ඉලක්කය සාර්ථක කරගැනීමට නම් රජයේ පාලනය දුර්වල විය යුතුය. විධායක බලතල සහිත ජනාධිපතිධූරය තරම් බාධකයක් ඔවුන්ට තවත් නැත. දෙමළ ජාතික සංධානයේ දේශපාලන ඉලක්කය වී ඇත්තේ, LTTEකොටි සංවිධානයට ආයුධ බලයෙන් දිනා ගැනීමට නොහැකි වූ දෙමළ රාජ්‍ය සංකල්පය සංහිඳියාව නාමයෙන් පෙනී සිටිමින් ඉඩම්, පොලිස්, බලතල සහිත පෙඩරල්, හෝ ඒ නමින් නොවුනත් ඒ හා සමාන ඉඩම් පොලිස් බලතල සහිත අනාගතයේ රට බෙදීමකට තුඩු දෙන පාලනයක් ඇති කර ගැනීමය. ඒ සදහා ඔවුන්ට ඇති ප්‍රධානම බාධකය වන්නේ විධායක බලතල සහිත ජනාධිපති ධූරය ය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට කථා කරන ඔවුන් ඒ තුලින් කියා පාන්නේ LTTE සංවිධානය ඇතුලු ත්‍රස්ත කල්ලි විසින් ඇති කළ ප්‍රචංඩ ක්‍රියා, ලේ වැගිරීම් සහ ත්‍රස්තවාදී ක්‍රියා , නිවැරැදියැ,යි කියා නොවන්නේ ද? එක්සත් ජාතික පක්ෂයේ නායකයා බලන්නේ, 1994 සිට, ජනාධිපති දූරයට තරග කොට UNP යට ජයගත නොහැකි වීමත් ඒ තුලින් පක්ෂයට වූ හානිය බරපතලය. ඉදිරියේදී වුවද ජනාධිපතිවරණයක් ජයගැනීම වත්මන් UNP නායකයාට අසීරු බැවින් විධායක ජනාධිපතිධූරය අහෝසි කර විධායක බලතල ඇති අගමැති ධුරයක් ඇති කර පාර්ලිමේන්තු මැතිවරණය මගින් අගමැතිධුරයට පත්වීමටය. දෙමළ ජාතික සංධානයේ අනුග්‍රහය පාර්ලිමේන්තුව තුල මහින්ද රාජපක්ෂ මහතාට ලැබේයැයි සිතිය නොහැක. එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රීලනිපය-පොජපෙ (පොහොට්ටුව) පක්ෂ පොදු අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය වි ඇති බවක් නොපෙනේ. එය තවමත් අලු යට ගිනිය. වත්මන් ජනාධිපතිවරයාට පොදු අපේක්ෂකයා ලෙස අවස්ථාව නොලැබුණ හොත් තම දේශපාලන ගමන මෙතනින් අවසන් බැවින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට මට එකග වනවා ඇත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති විමේ අවකාශ නැත. විධායකය ජනාධිපති ධුරය අහෝසි කර ඇති කිරීමට අපේක්ෂිත විධායක අගමැති වීමට බාධා නැත. 2015 ජනවාරි 08 ස්වකීය ජනාධිපතිධූරය අහිමි වීමත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමේ ප්‍රධාන සාධකය වත්මන් ජනාධිපතිවරයා බැවින් පොදු අපේක්ෂකත්වය නොදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට මහින්ද රාජපක්ෂ මහතා එකග නොවේයැ’යි නොසිතිය හැකිය. යමෙක් කුමන හෝ එකගතාවය තුලින් ව්ධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට ක්‍රියා කරන්නේ ද උත්සාහ කරන්නේ ද මේ ශ්‍රී ලංකාද්වීපයට කරන බලවත් ද්‍රෝහී කමක් බව කිව යුතුය. එයට අනුබල දෙන සියලු දෙනා දේශද්‍රෝහි අපරාධකරුවන් බව කිව යුතුය.

  2. ජෙපි දර්ශණය (J.P.Darshana) says:

    මේ වෙලාවේ මහින්දත් එක්ක ටොපියක් කෑව කියල හරි මාද්‍ය වල දාගත්තොත් ඇගට ගුණයි.
    සිරිසේන ගොඩ ගියෙත් එහෙමනේ.නැත්නම් චන්දයක් ආවොත් වැලේ වැල් නෑ.

    -අරගලයට ජය වේවා-

  3. සීගිරි says:

    මොවුන් ආණ්ඩු පෙරලීම ආණ්ඩු රැක ගැනීම ගැන කතා කලාට අප රටට මේ රටේ ජනතාවට එරෙහිව මහා බ්‍රිතාන්‍යය විසින් පිහිටුවා ඇති රාජ්‍යය යාන්ත්‍රණය (බටහිර විසින් හැදූ ලංකා නව යටත් විජිත රාජ්‍යය) පෙරලා දැමීමකට විරැද්ධයි.ප්‍රශ්නයේ මූලය වන්නේ ලංකාව බටහිර නව යටත් විජිතයක් වශයෙන් තාමත් පැවතීමයි.
    අපගේ විසදුම නව යටත් විජිත රාජ්‍යය වෙනුවට පුලුල් ජනතා ව්‍යාපාරයකින් මේ රටේ ජනතාවගේ අභිමථාර්තය බලයට නැගෙන රාජ්‍යයක් (people’s republic ) පිහිටුවීමයි. රනිල්, මෙෙත්‍රි, මහින්ද, ජවිපෙ ජාහෙඋ එන්.ජි.ඕ, TNA ප්‍රමුඛ සියලුම බලවේග මෙවැනි ව්‍යාපාරයකට එරෙහිව මේ යටත් විජිත රාජ්‍යය රැකගැනීමට හා තව දුරටත් පවත්වාගැනීමට ක්‍රියා කරමින් සිටී.පවතින රාජ්‍යය තුල කරන ආණ්ඩු මාරැ,පිල් මාරැ කිරීමකින් ප්‍රශ්නය නොවිසදේ. “ඒකාබද්ධ විපක්ෂය” මේ මොහොතේ කරමින් ඉන්නේ පුඵල් ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීම මන්දගාමී කරමින් ජනතාව ඉදිරියට පැන බොරැ බටහිර විරෝධි නායකත්වයක් රඟ දැක්වීමයි. මෙවන් කූඪ උපක්‍රම වලින් අපගේ ගමනට බාදා කලාට ගමන නැවත්විය නොහැක !!!!!!

  4. Aurora says:

    එක එක හාල්පාරුවෝ මොනවා කිව්වත් අන්තිමේදී මහින්ද රාජපක්ෂ මහතා සාකච්චාවේදී JVP කාරයන්ට කියල තියෙන දේ තමයි පසුගිය දිනවල විමල් වීරවංශ මහතා වේදිකාවල කිව්වේ. කොහොම වුනත් මහින්ද මහතා දන්නවා විමල්ගේ දර්ශනයේ නිවැරදිතාවය සහ ඔහුගේ දේශප්‍රේමී දැක්ම. අවසානයේදී විමල් වීරවංශ මහතා සියලු දේශප්‍රේමී බලවේග වලට මඟ පෙන්වාවි, මහින්ද මහතා සියලුදෙනා එකතු කරගෙන ගමන යාවි කියන අපේක්ෂාව අපට තියනවා. විමල්ගේ ඒ හැකියාවටයි UNP, TNA, JVP, NGO සහ ඔවුන් මෙහෙයවන විදෙස් බලවේග පහර දෙන්නේ.
    ඒ අතරම මහින්ද මහතා හට අයවැය පිලිබඳ අරමුණකුත් තිබෙනවා. එකේදී හීන ලෝකෙන් ගලවාගන්නා JVP අවශ්‍යයි. බලය ගිලිහෙන UNP සමඟ එල්ලිලා ඉන්න එක පලක් නැතිවග JVP තේරුම් ගනී.

  5. Manoj says:

    “කොහොම වුනත් මහින්ද මහතා දන්නවා විමල්ගේ දර්ශනයේ නිවැරදිතාවය සහ ඔහුගේ දේශප්‍රේමී දැක්ම. අවසානයේදී විමල් වීරවංශ මහතා සියලු දේශප්‍රේමී බලවේග වලට මඟ පෙන්වාවි, ”

    =================================================================================

    Hathara hinaaaa විමල්ගේ දර්ශනයේ නිවැරදිතාවය සහ ඔහුගේ දේශප්‍රේමී දැක්ම 🙂 🙂 🙂

    Etha kota PHD thiyena , Doctors la, Professors la peththaka iddi, 8 pass විමල් thamai dan සියලු දේශප්‍රේමී බලවේග වලට මඟ පෙන්ව nneeee. 🙂 🙂 🙂

    • අංකූරා says:

      උගත්කමත් බුද්ධිමත්කමත් එකක් නොව දෙකකි!. බුද්ධිය කෙනෙකුට පිහිටන දෙයක් වන අතර උගත්කම ලබාගත යුතු දෙයකි . උගත්කමින් මිනිසුන් මැනීම නූගත්කමේ ලක්ෂණයකි !!.

    • ceejay says:

      පොත් කියවල P H D ගැනීමත් උපතින්ම වහා වැටහෙනසුලු බුද්ධ්මතෙකු වීමත් යනු කාරණා දෙකකි .එකනේ පහ පාස් නවලෝක මුදලාලි නවලෝක හොස්පිටල්ස් චෙයර්මන් වෙනකොට england Qualified දොස්තරලා එයට සේවය කෙරුවේ.මැලිබන් මුදලාලි උනත් එහෙමයි.විමල් කියන්නේ බුද්ධිමතෙක්.

  6. REAL MAN says:

    JVP has done more damages to Sri Lanka than LTTE.

    They have only big stingy / Smelly / revengeful and maniac mind set who curse happy society because they are from difficult background…

    JVP is a cancer in this society….

  7. lanka says:

    hello manoj you will laugh from your back side if you analyse the true quality of most of the phd s in srilanka.They have not done anything but spending our money and contribute to some of professors phd and got a qualification.During this time they make children go to second hand shops collecting bargains or do odd jobs to collect extra money. This is their phds.You can go to pera or any other university and look into their research books to confirm this.There are a few exceptions in medicine only.[Channa Jayasumana].
    Most Dental are useless.same as arts and others.

  8. wije says:

    JVP is a cancer in this society…. Very true

Main News