විමල්ගේ සමුළුවේදී මහින්දගෙන් විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..

January 22, 2017 at 12:40 pm | lanka C news
විමල්ගේ සමුළුවේදී මහින්දගෙන් විශේෂ ප‍්‍රකාශයක් සූදානම්..

‘ජාතික සමගිය වනසන- බෙදුම්වාදය දිනවන රනිල්ගේ ව්‍යවස්ථා මරඋගුලට එරෙහිව සටන් වදිමු’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහා සමුළුව 2017-01-22 දින (අද) සවස 3:30 සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සිරගතව සිටියද කල් නොදමා නියමිත දිනයේම පැවැත්වීමට නියමිත මෙම විශේෂ මහා සමුළුවට විශේෂ ආරාධිතයා ලෙස පැමිණෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී තීරණාත්මක ප‍්‍රකාශයක් සිදු කිරීමටද සූදානම්ව සිටී.

ඒසේම ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ සෙසු පක්‍ෂ නායකයන් මෙම සමුළුවට සුබ පැතුම් එක් කිරීමටද නියමිතය.

(සමුළුවේ සජීවී විකාශණය බලාපොරොත්තු වන්න)

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

74 views
Main News