විමල්ට අද මහාධිකරණයෙනුත් ඇප නෑ.. තීන්දුව 21.. දින 70ක් වැලිකඩයි..
March 8, 2017 at 1:20 pm | lanka C news
රජයේ වාහන අවභාවිතයට අනුබල දුන්නේ යයි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා විසින් ඇප ඉල්ලා ගොනු කර ලැබ ඇති ප්රතිශෝධන ඇප ඉල්ලීම සම්බන්දයෙන් තීරණය ලබා දීම මාර්තු 21 වන දින සිදු කරනු බව කොළම මහාධිකරණය අද සදහන් කලේය.
පොලිස් මුල්‍ය අපාධර කොට්ඨාශය විසින් තමන් අත්අඩංගුවට ගැනීම නිවැරදි නොවන බව මන්ත්‍රීවරයා මහාධිකරණයට අදාල පෙත්සම මගින් කියා සිටී.
ජනවාරි 10 වන දින රිමාන්ඩ් කරන ලද මන්ත්‍රීවරයා මාර්තු 21 වන විට අඛණ්ඩව දින 70ක් වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටී.