විමල්ට ඇප නොදෙන්නේ දේශපාලන කුමන්ත්‍රණයක් නිසා..- ඩිලාන්
March 24, 2017 at 10:00 am | lanka C news
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබා නොදුන්නේ දේශපාලන කුමන්ත්රණයකින් විය හැකි බවට සැකයක් තමනට මතුවන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අධිකරණ කේෂ්ත්‍රය හා සම්බන්ධ පනත් කෙටුම්පත් නියෝග දෙකක් සම්බන්ධයෙන් වූ විවාදයේදී අදහස් පල කරමින් ඔහු මේ බව කීවේය.
‘විමල්ට ඇත්තේ ඇප දිය නොහැකි නඩුවක් නොවෙයි. මහාධිකරණ විනිසුරුට හැකියාව තිබුණා විමල්ට ඇප දෙන්න. ඒත් ඒක වුණේ නෑ. විමල්ටත් යමක් කියන්න ඕනෑ. උපවාස කරල නඩු තීන්දු වෙනස් කරන්න බෑ’