විමල්ට එරෙහිව පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රී සන්ධානයක් හැදේ.. ජනපති, අගමැති, බැසිල් හමුවී සාකච්චා කරන්න ලියති..

February 11, 2021 at 12:02 am | lanka C news
විමල්ට එරෙහිව පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රී සන්ධානයක් හැදේ.. ජනපති, අගමැති, බැසිල් හමුවී සාකච්චා කරන්න ලියති..

ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ ජනතාවගේ සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුකරවීම සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් සංවිධානයක් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ.

එහි මූලික සාකච්ඡාවක් පසුපෙළ මන්ත්‍රීවරුන් 30 වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී විවේකාගාරයේ 10 වැනිදා දහවල් පවත්වා තිබේ.

ඇමති විමල් වීරවංශ මහතා කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන්ද පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු එහිදී අදහස් දක්වා ඇති අතර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳව සමහර ඇමතිවරුන්ට සිහිපත් කර දෙන්නට සිදුවී ඇතැයි ඔවුන් පවසා ඇත.

මේ අතර ජනාධිපති ගෝඨාභය මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාත් වෙන වෙනම හමුවී සාකච්ඡා කිරීම සඳහා අවස්ථා ලබාගැනීමට එම මන්ත්‍රීවරුන් ලිපියකටද අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

අගමැතිවරයාගෙන් සාකච්ඡාවක් ලබාගැනීමේ ලිපිය අගමැතිවරයාට 10 පස්වරුවේදීම බාරදී ඇති බවද ආණ්ඩුපක්ෂ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

– lankadeepa

51,198 views

11 Comments to “විමල්ට එරෙහිව පොහොට්ටු පසුපෙල මන්ත‍්‍රී සන්ධානයක් හැදේ.. ජනපති, අගමැති, බැසිල් හමුවී සාකච්චා කරන්න ලියති..”

  1. SKF says:

    හොරු ටික හදන්නෙ මහින්ද වටේ ඉදගෙන පුලුවන් තරම් හොරා කන්නයි.

    ගෝටා ට බලයක් එනවාට උන් කැමති නෑ. ගෝටා වෘත්තීය මජර දේශපාලුවෙක් නොව, නියම රාජ්‍ය සේවකයෙක්.

    • Athula says:

      අනේ පලයන් බං යන්න එතකොට මිග් හතරක් ගෙනත් අටකට මල්ලි ගහ ගත්තෙ අපිද , නේවි එක යටතේ තිබුන අැවන්ට් ගාර්ඩ් එකෙන් වසරකට කෝට් එක්දහස් ගනනක් බහාණ්ඩා ගාරයට සොයල දුන්න එ්ක කඩල ගෝට නිස්සංක සේනාධිපති ට බාරදිිල එම මහා ධනස්කන්දය හොරකම් කලේපිඅද, හොරඅවි ජාවාරම කලේ අපිද ජ්්ාත්යන්තර කුඩු වෙලඳාම කලේ අපිද..ඔිව ගිහින් කියපල්ල මලපොතේ අකුරක් නොකියවන ගොබ්බයාන්ට අද රටම විකුනල

  2. ප්‍රශ්න යට ගැසීම says:

    ජනතා ප්‍රශ්න යට ගැසීමේ කලු සුද්දන්ගේ කලාව

  3. "මෝඩ සිංහළයා" says:

    පොහොට්ටුවෙ ආයු කාලය ඉවර වී එන්නේ
    පොට්ටුව පණ අරන් නැගිට උතුරින් එන්නේ
    සිංහලයා බේද බින්නවී කුලල් කාල එන්නේ
    මතු පරපුරට දමිළ බසින්ය මව්බස එන්නේ

  4. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    විමල් සහ පොහොට්ටුව දැන් තිරගත වේ.

  5. Sam says:

    විමල්ට රට ජාතිය වෙත අචලවු හැගිමක් අත. ඉතිහාසයේ ඔහුමෙය ඔප්පුකර අත. පොහොට්ටුව හරි මගට ගන්න සබව්නම ඔහුට අවශ්‍යයි එ සදහා ඔහුට අයිතියක් තියෙනවා. ඔය දගලන පොහොට්ටුවෙ පසුපෙල හැතිකරෙට කිසිම දර්ශනයක් නොමැත. ඔවුනට අවශ්‍ය මෙ අවුරුදු 5 තුල උපරිම ගසාකන්න. අසද් සලිලට වගෙම විමල් ඔවුනට පොදු සතුරෙකි.

  6. Asoka says:

    මෝඩ බයියන්ගේ චන්දෙ ගන්න විමල් වගේ වාචාල කටක් තියෙන එකෙක් ඕනේ. හැබැයි දැන් මිනිස්සු ටිකක් මෝඩකම අතහැරලා නිසා ලෙහෙසිවෙන්නේ නැහැ. මහින්ද මුත්තත් හැමදාම නැහැ

  7. Upul Attanayake says:

    Everything known Ganninnansela And modern uneducated, non logical, irresponsible, senseless, unaccountable, this kind of guys never going to grove’s.
    Problem is our country immature education, religion faith, many other.
    Thinking is so hard why,why,why.
    It’s useless think of this without tackling real many matters.

  8. Hudson says:

    All scripted drama.

  9. ආණ්ඩුව says:

    දැන්නම් හොදටම තේරෙනවා ගෝඨාබය ඈතුලු ආණ්ඩුව විනාශ වෙන්න යන්නේ කියලා. ලන්සලා , සනත් නිශාන්තලා, පොහොට්ටු මන්ත්‍රී වගේ රට ජාතියට, පරිසරයට ලංකික කමට ආදරය නැති පාපතර, උඩගු, මොලයක් නැති, අධ්‍යාපනයක් නැති, ජාවාරම්කාර, හොර තක්කඩි කල්ලි මෙහෙයවන, මී හරක් ලව්වා බැසිල් වැනි කපටි මිනිසෙකු වෙනුවෙන් සහ ඔහු ලවා මහින්ද වැනි කලගුණ නොදත් පුද්ගලයකු, ජනතාව පත් කරගත් ගෝඨාභය ඇතුළු ආණ්ඩුව විනාශ කරමින් සිටී. අහෝ අපේ රට. මෙයින් හකීම්, බදුර්දීන්, ඩයස්පෝරා ඒජන්තයින් ප්‍රයෝජනය ගනු ඇත. මහින්ද ඔවුන් සමග නිර්ලජ්ජිතව ආණ්ඩු කරනු ඇත.

  10. panikkiya says:

    kala de pala de JVp eka pawala deela salli walata mahinda ekka ekathu wela kotipathiyek una Rajapakshala kiyanne upan gei horu wimalegeth kata witharai weda ne