විමල්ට එරෙහි චෝදනා උඩු යටිකුරු වෙයි.. නීතී තර්කයෙන් ආණ්ඩුවේ එජාප මන්ත‍්‍රී ගස්.. [Video]

January 10, 2017 at 10:11 pm | lanka C news
විමල්ට එරෙහි චෝදනා උඩු යටිකුරු වෙයි.. නීතී තර්කයෙන් ආණ්ඩුවේ එජාප මන්ත‍්‍රී ගස්.. [Video]

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව චෝදනා ගොනු කරද්දී පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් හිතාමතාම  ප‍්‍රධානතම චූදිතයා මගහැර ඇති බව වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා පවසයි.

ඕනෑම ආයතනයක මුල්‍ය බලය ඇත්තේ එහි සභාපතිවරයාට වුවද රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ එවක සභාපතිවරැන් ලෙස සිටි දෙදෙනා සම්බන්දයෙන් කිසිදු සදහනක් කර නැතැයිද ඔහු සදහන් කලේය.

හිටපු එක් සභාපතිවරයාත් අද එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වන බවත් අනෙත් හිටපු සභාපතිවරයා අදද ආණ්ඩුවේ ආයතනයන සභාපති ලෙස කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

අද දිනයේ රිමාන්ඞ් කරන ලද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරියරයා සිට ප‍්‍රකාශය මගින් තමනට ලිඛිත උපදෙස් දුන්නේ සභාපතිවරුන් යයි සාක්‍ෂි දී තිබියදී මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගොනු කර ඇති චෝදනාවේ ඒවා නොතකා ඇති බවත් තවත් ප‍්‍රධාන වැරදි සහගත තැන් ගණනාවක් ඇති බවත් දොලවත්ත මහතා පෙන්වා දෙයි.

39 views

22 Comments to “විමල්ට එරෙහි චෝදනා උඩු යටිකුරු වෙයි.. නීතී තර්කයෙන් ආණ්ඩුවේ එජාප මන්ත‍්‍රී ගස්.. [Video]”

  1. lion says:

    They should know that those who live in glass houses should not throw stones at innocent people!

    Wimal Weerawansa Deshapremi Mathithumata JAYAWEWA!

  2. Sisira says:

    Ranil is a bad character……… now 62 Laks people can understand his “Yahapalane”
    In the future, this will become worst….

Main News