විමල්ට කෑම ගෙදරින්.. ඉල්ලීම බිරිදගෙන්..
January 11, 2017 at 12:40 pm | lanka C news
ඊයේ දිනයේ රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලද පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාට සිය නිවසින් ආහාර ලබා ගැනීමේ අවසරය ලබා දී තිබේ.
මෙම අවසරය ලබා දී ඇත්තේ වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මිය බන්ධනාගාරයෙන් කරන ලද ලිඛිත ඉල්ලීමක් මතයි.
මන්ත්රිවරයා මේ වන විට මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ රදවා සිටී.