විමල්ට නිවනක් නෑ.. තවත් පැමිණිල්ලක් ගොනු කරන්නැයි නියෝග කෙරේ..

April 24, 2017 at 12:00 pm | lanka C news
විමල්ට නිවනක් නෑ.. තවත් පැමිණිල්ලක් ගොනු කරන්නැයි නියෝග කෙරේ..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්‍ෂයේ හත් දෙනෙකුට එරෙහිව පැමිණිලි ගොනු කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම පිරිසට එල්ල වී ඇති චෝදනාව වන්නේ 2016 පෙබරවාරි 16 වන දා කොලඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකින් මාර්ගය අවහිර කිරීම හා මහජන පීඩාවක් ඇතිකිරීමයි.

නඩුව සැප්තැම්බර් 17 වන දින යලි කැදවීමට නියමිතය.

9 views

8 Comments to “විමල්ට නිවනක් නෑ.. තවත් පැමිණිල්ලක් ගොනු කරන්නැයි නියෝග කෙරේ..”

  1. kamalsiri kuruwita says:

    මේ හයි ක්ලාස් මොලවලට කරන්න දන්නේ විද්‍යාත්මක ආර්ථික වැඩ නේ . ඉතින් ඒවා තමයි මේ කරන්නේ . ආර්ථිකේ සම්බල් කරලා මහා බැංකු හොරු නිර්මාණය කරනවා , නීතියත් පොලිසීයත් නහුතෙටම නමනවා , ජනපති බලය නැති සින්ගාලයෙක් කරනවා , සමලින්ගේ ගෙනාවා , ඇඳුම් වල පට වෙනස් කරනවා , ජනතාවට සුවතා ඔන් නැහැ කියල සුවතා මංතීරු කඩලා විනාස කරනවා , රට පුරා කුණූ ගඳ පතුරවා සෞක්කිය නගා හිට වනවා , තරඟෙට එක එකා පරයා ජනතාවට බොරුකියනවා , පාතාලය සහ කුඩු සහ අරක්කු වියාපාර දියුණු කරනවා, නීතිපතිට පොලිචියට පළිගැනීමේ වියාපෘති වැඩි කරනවා බොරු මවාපාන චෝදනා වලට තරහ කාරයෝ හිරගෙවල් වල දමන්න ට්‍රයි කරනවා , ජනතාවට පොර ටෝක් ගොන් ජෝක් නොමිලේ බෙදනවා වගේ තව කොච්චර නම් වැදගත් වැඩ තියෙනවද . ඒවා තමයි දැන් අපි රට දියුණුකරන්න කරන්නේ .

    • White Shark says:

      විමල් වීරවංශ කියන්නේ ජාතික සම්පතක්. වටීනා ජාතික සම්පතක් රැක ගන්න විදියට විමල්ව රැක ගමු.

      ගිය වතාවේ වගේ නැතුව මේ වතාවේ වේලාසනම විමල් වෙනුවෙන් කතා කරමු. විමල්වම ඉලක්ක කරගෙන විමල්ට එරෙහිව යොදවන අවනීතිය හෙළ දකිමු. විමල්ට කරන අගතිය අසාධාරණය නවත්තවමු.

      විමල් ජනවාරි මාසේ හිරගත කරනකොට මාගම්පුර වරාය වීතරයි අනතුරේ තිබුනේ. විමල් හිටපු මාස 3ට කොළොඹ වරායත්, ත්‍රිකුණාමල වරායත්, ත්‍රිකුණාමල තෙල් ටැංකිත්, ETCA ගිවිසුම අත්සන් කරන්න අවසාන අදියරටමත් ආවේ පුදුම වේගයකින්. ඒ වගේම ඒ මාස තුනට හම්බන්තොටින් විතරක් දෙන්න කලින් සැලසුම් කරපු ඉඩම්, මුළු රට වටෙන්ම දෙන්න සැලසුම් කළා, අභයභූමි ඉඩම් පවා විදේශිකයන්ට දෙන්න සැලසුම් කළා. ඊලඟට අපිට එන්නේ ඇමරිකන් තර්ජනයක්. ඒකට අනිවාර්යයෙන්ම ප්‍රබල මහජන නැගිටීමක් වෙන්න ඕනේ.

      ආණ්ඩුවට තව අවුරුද 2 1/2 ක් වගේ සුළු කාලයක් තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව වෙඩි කාපු ඌරෝ වගේ වැඩ කරන්න ඉඩ තියෙනවා. මේ කාලේ අනිවාර්යයෙන්ම විමල්ව ආරක්ෂා කර ගත යුතුයි. සිංහල රට සිංහල ජාතිය වෙනුවෙන් විමල්ට ආරක්ෂා කරගත යුතුයි.

      විමල් එරෙහිව ඉන්නේ එක පිරිසක් විතරක් නෙමෙයි. දැන් ඉන්න දේශපාලකයන්ගෙන් පස්සේ සිංහලයන්ට නායකත්වයක් නැහැ. දැනටම සමහරු කියනවා ලංකාවේ ඊළඟට දෙමල හෝ මුස්ලිම් ජනාධිපති කෙනෙක් පත් විය යුතුයි කියල. බුද්ධාගමට තියෙන තර්ජනයත් වැඩි වෙනවා. සමහර සිංහලයොත් මේවාට උඩගෙඩි දෙනකොට සිංහල අපි වැටිලා තියෙන තැන ගැන හොඳ අවබෝධයක් හැමෝටම තියෙන්න ඕනේ. යන යකා කොරහ බිඳගෙන යනවා වගේ මේ ආණ්ඩුව ඒකට පාර හදල දීලා යන්න හොඳට ඉඩ තියෙනවා. ඒ නිසා විමල්ව ඉලක්ක කරගෙන මේ කරන දඩයම සිංහල ජනතාවගේ අනාගතය විනාශ කිරීමට කරන දඩයමක් බව පැහැදිලිවම පේනවා.

      අනිත් අතට, මොකක්ද මේ නඩුව? සෙනසුරාදා දවසක අල්-හුසේන්ට එරෙහිව කරපු සාමකාමී මහජන විරෝධය. මගේ මතකය නිවැරදි නම් දිනේ පෙබරවාරි 6.

      විමල් විතරයි රණවිරුවන් වෙනුවෙන් මේ උද්ඝෝෂණය කලේ. ඒකාබද්ධ විපක්ෂය අල් හුසේන් ලංකාවේ හිටපු දවස් ටිකේ රණවිරුවන් වෙනුවෙන් පාරට බැස්සේ නැහැ. විමල් වගේ ජිනීවා වාර්තාවට පාරට බැහැලා විරෝධය පල කලේ නැහැ. විමල් කරපු උද්ඝෝෂණය නිසා තමයි රණවිරුවන්ගේ නම්බුව රැකුණේ. ජිනීවා වාර්තාවට ලංකාවේ ජනතාව විරුද්ධයි කියලා ලෝකෙටම පෙනුනේ විමල් නිසා. ඒ නිසා අල් හුසේන් හැමෝම හිතපු විදියේ තද ප්‍රකාශයක් කරන්නෙ නැතුව mild ප්‍රකාශයක් කරලා යන්න ගියා. අල් හුසේන් ආපහු යනකොට විමල්ගේ උද්ඝෝෂනයේ ගෙනිච්ච එයාගේ caricature එකක් සිහිවටනයක් විදියට ජිනීවා අරන් ගියා කියලා කියනවා. ඒකෙන්ම තේරෙනවා ඒ උද්ඝෝෂණය නිසා අල් හුසේන්ට බලපෑමක් ඇතිවුනා කියලා.

      දැන් රණවිරුවෝ වෙනුවෙන් කරපු සාමකාමී උද්ඝෝෂණයට විමල්ට නඩු දාන්න යනවා. අනිත් එක විමල් ඒක කලේ සෙනසුරද දවසක. සතියේ දවසක කළා නම් මහ සෙනඟක් එකතු වෙලා පොලීසියට පාලනය කරගන්න බැරි ලොකු කලබලයක් වෙනවා. විමල් ඒක සෙනසුරාද කරලා තියෙන්නේ විමල්ට ඒ වගේ කලබලයක් ඇති නොකර සාමකාමී උද්ඝෝෂණයක් කරන්න ඕනේ වුනු නිසා. දැන් ඒකට නඩු දානවා.

      මේක විමල්ට කරන දෙයක් නෙමෙයි. විමල්ට එරෙහිව කරන හැම දෙයක්ම සිංහලයාට එරෙහිව කරන වෙනස්කමක් විදියට සැලකිය යුතුයි. විමල්ව ඉලක්ක කරගෙන කරන්නේ සිංහලයන්ගේ ඉදිරි අනාගතය නැති කරන්න හදන එක, සිංහලයන්ගේ ප්‍රබලම හඬ වහලා, සිංහලයන් හිලෑ කරන්න හදන එක, සිංහලයන් එකමුතු කරන ජාතික නායකත්වය විනාශ කරන්න හදන එක. සිංහලයන් අසරණ කරන එක. එහෙම නෙමෙයි නම්, දැන්මම, ඊළඟට දෙමල හෝ මුස්ලිම් ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් පත් වෙන්න ඕනේ කියලා කතාවක් එන්න විදියක් නැහැ.

      උතුරේ මහා ඇමති මොන තරම් උද්ඝෝෂණ කලද? නඩු දැම්මද?
      TNA එක මොන තරම් උද්ඝෝෂණ කලද? නඩු දැම්මද?
      දෙමල දේශපාලකයන් ඒකීය රටක් බෙදන්න කියල කියන එකම දේශද්‍රෝහී කතාවක්. එහෙම කියන්න කාටවත් අයිතියක් නැහැ. නීති විරෝධීයි. කෝ නඩු දැම්මද?
      විමල් රණවිරුවන් වෙනුවෙන් අල් හුසේන්ට විරුද්ධව කරපු උද්ඝෝෂණයට නඩු දාන ආණ්ඩුව, උතරේ හමුදා කඳවුරු වලට කඩා පැනපු දේශපාලකයන්ට එරෙහිව කිසි දෙයක් කලේ නැහැ. මේක බරපතල වරදක්. නමුත් උන්ට විරුද්ධව නඩු දැම්මද?
      LTTE තහනම් සංවිධානයේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් සැමරුම් කරපු උතුරේ දේශපාලකයන්ට එරෙහිව නඩු දැම්මද?
      රාජ්‍ය විරෝධී දෙමල ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරමින් රටේ ස්වෛරීභාවයට එළිපිටම කරන නීතිවිරෝධී ක්‍රියාවන්ට විරුද්ධව දෙමල දේශපාලකයන්ට එරෙහිව නෙමෙයි නිකම් මිනිහෙකුටවත් අද වෙනකම් නඩු දැම්මේ නැහැ.
      Aava Group එකේ නායකයා අල්ලාගෙන එක පැයෙන් ඇප දුන්නු ආණ්ඩුව, අද වෙනකම් ඒ නඩුව දැම්මද?
      පොඩ්ඩ ඇත්නම් දකුණේ සිංහලයන්ට කඳුළු ගෑස් ගහලා වතුර ගහලා එලවන ආණ්ඩුව උතුරට කවදාවත් එහෙම කරලා තියෙනවද?

      ගිය පාර වගේ මර නින්දේ ඉන්නේ නැතුව සිංහලයා දැන්නම් ඇවිදියෙන් ඉන්නේ ඕනේ. මේ දඩයම් කරන්න හදන්නේ විමල්ව නෙමෙයි. සිංහල ජාතියම.

      • sam says:

        We the Sri Lankans are anxiously waiting to see the punishments to those who have robbed our motherland. Otherwise today’s rulers will be answerable and punished in the future for their failure to fulfill their promises.

        • White Shark says:

          Alright, to be precise, “today’s rulers” promised to bring Mahinda, Gotabhaya and Basil before Courts and punish them for robbing the country. In the run up to 2015 election, they mentioned them by name.

          I believe that you are referring to them. It will never happen with ‘today’s rulers”. Their motto is “You scratch my back I’ll scratch yours”.

    • sam says:

      We the Sri Lankans are anxiously waiting to see the punishments to those who have robbed our motherland. Otherwise today’s rulers will be answerable and punished in the future for their failure to fulfill their promises.

  2. OLU says:

    වීරවංශ මහතා ඇතුළු එම පක්‍ෂයේ හත් දෙනෙකුට එරෙහිව පැමිණිලි ගොනු කිරීම අපි තරයේ හෙළා දකිමු ..
    මොකද්ද මේ අවනීතිය ??
    ගමරාලගේ බටලන්දගේ පලිගැනීම් කෙළවරක් නැහැ ..ජහපාලන මි හරක් රැලත් මේ අවනිතියට නිහඩයි …පබයා කොටි ඩයස් පෝරාවේ පදයට නටයි
    සිංහලයෙනි අවදිවෙව් ..අද විමල් හෙට මුළු සිංහලයට ම මේ අවනීතිය රජ කරනු ඇත …බලා සිටීමට කාලයක් නැත
    බඩ ගැන සිටීමට පෙර රට ගැන සිතව් ..මේ විනාශවන්නේ සිංහල අපේ එකම මව් බිමයි සිංහල ජාතියයි
    පාට පක්ෂ බේද ආගම් බේද අතහැර සමගි වී අපේ සිංහල ජාතිය රැකගනිව්

  3. sky says:

    දේශපාලන පලිගැනීම් නවත් වනු ….යහපාලන ආණ්ඩුවේ මේ අසාධාරණ පලිගැනීම් අපි හෙළා දකිමු
    ගරු විමල් ඇතුළු සැමට සාධාරණය ඉටුකරනු ..දේශපාලන පලිගැනීම් නතර කරනු ….දෙමළ ත්‍රස්තවාදීන්ට අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට විරුද්ධව.. ඔවුන් පැවැත්වූ විරෝධතාවයන්ට කරන ජාතික අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියා නොකරන්නේ මන්ද ? දේශප්‍රේමී සිංහල දේශපාලකයින් පමණද බොරු චෝදනා කරමින් මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග නිකුත් කරන්නේ ?
    President Sirisena , Prime Minister Ranil , Please RESIGN & go home………

    • sam says:

      We the Sri Lankans are anxiously waiting to see the punishments to those who have robbed our motherland. Otherwise today’s rulers will be answerable and punished in the future for their failure to fulfill their promises.

Main News