විමල්ට බණින්නේ කෙලෙහිගුණ නොදන්න උන්.. විමල් වෙනුවෙන් පෙරට ආ සංඝ රත්නයට හිස නමනවා..

February 12, 2021 at 3:50 pm | lanka C news
විමල්ට බණින්නේ කෙලෙහිගුණ නොදන්න උන්.. විමල් වෙනුවෙන් පෙරට ආ සංඝ රත්නයට හිස නමනවා..

විමල් වීරවංශ මහතා යනු මේ ආණ්ඩුව බිහි කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කළ පුද්ගලයෙකු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කිසිවකු විසින් හෝ ඔහු අවතක්සේරු කරනවා යනු කෙලෙහිගුණ නැතිකම බවද ඒ මහතා සඳහන් කළේය.

බෞද්ධ රටක කෙළෙහිගුණ නොදන්නා අයට කෙළෙහි ගුණය පාඩම කියා දීම සඳහා මහා සංඝරත්නය පෙරට පැමිණීම ගැන සිරස නමා මහා සංඝරත්නයට ප්‍රණාමය පුද කරන බව ද පැවසීය.

ඇමති විමල් විරවංශ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

28,856 views

14 Comments to “විමල්ට බණින්නේ කෙලෙහිගුණ නොදන්න උන්.. විමල් වෙනුවෙන් පෙරට ආ සංඝ රත්නයට හිස නමනවා..”

  1. Manel says:

    Hello people, whatever uttered is finish. Let it go. Get all together and defeat bankrupt forces. Leave Wimal alone and look after the country.

  2. Chamara says:

    බැසිල් සහ ඔහුගේ අනුගාමිකයන් කරන්නේ රනිල්ගෙ රාජකාරිය.
    ආයිමත් සිංහලයන් එකතු කරන්න බැරි තැනකට යොමු කිරීම තමයි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ.
    මේ ජාතියේ අවාසනාවට පහළ වූ මිනිසුන් ට කියන්න
    මොකුත්ම කරන්න බැරි නං කට වහගෙන ඉන්න කියලා,
    ගොඨාභය මහත්තයා මේ මර උගුල් ගලවගන්න පුලුවනිද කියලා බලනකං

Leave a Comment

Main News