විමල් අටවන දිනටත් ආහාර වර්ජනයේ.. දිගටම සේලයින් දෙයි..

March 29, 2017 at 7:06 am | lanka C news
විමල් අටවන දිනටත් ආහාර වර්ජනයේ.. දිගටම සේලයින් දෙයි..

උපවාස කරමින් සිටියදී බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද අටවන දිනටත් ආහාර ගැනීම ප‍්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වෙයි.

මේ හේතුව නිසා වීරවංශ මහතාට සේලයින් දීම දිගටම සිදු කරන බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

මන්ත‍්‍රීවරයා මේ වන විට ජලය පමණක් පානය කරන අතර දියර ආහාර පවා කිසිවක් නොගනී.

බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කල වහාම ජාතික රෝහලට මන්ත‍්‍රීවරයා ගෙන යාම සදහා බන්ධනාගාර නිලධාරීන් සූදානමින් සිටිති

60 views
Main News