විමල් අද FCID කැදවයි..

September 26, 2016 at 8:02 am | lanka C news
විමල් අද FCID කැදවයි..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාහය වෙත කැදවා ඇත.

පසුගිය රජය සමයේ ජනාධිපති කාර්යාලය විසින් ලබා දුන් වාහනයක් අවබාවිත කලේ යයි එල්ල වී ඇති චෝදනාවක් මත ප‍්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ කැදවා ඇත.

6 views

5 Comments to “විමල් අද FCID කැදවයි..”

  1. john kothalawala says:

    විමල් වීරවංශ මැතිතුමනි ඔබලා පොදු විපක්ෂ ගොඩ නගමින් මේ කාලකණ්ණි ආන්ඩුවට අභියෝග කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයින්ට බොරු චෝදනා ගොනුකොට ඔහුන් හිරගෙවල්වල සිරකර තැබීම මොහුන්ගේ ලොකුම උපක්‍රමයයි .
    දේශපාලනවශයෙන් ජනතාවගෙන් දිනෙන් දිනම යහපාලන දේශදෝහි අමන පාලකයන් වෙත එල්ලවන පීඩනය ඉදිරියේ මුන්ගේ යහපාලන රෙදිකඩ ගැලවී වැටී හෙලුව පෙනෙන දිනය වැඩි ඈතක් නැහ,
    එබවින් විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ වැනි නායකයින් මෙම තුච්ච ක්‍රියා ඉදිරියේ දණ නොගසන බව දේශප්‍රේමීහු හොඳින්ම දනී ,
    දැනට ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්දය අරන් යූ එන් පී එකේ ඇමතිකම් ගත්ත හැමදෙනාම උන්ගේ කරපු හොරකම වහගන්න එකේ ඉදගෙන පොදු විපක්ෂය විනාශ කීරිමේ කුමන්ත්‍රණය යෙදි ඉන්නවා ,
    ජනක බණ්ඩාර තෙන්නකෝන්, බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල සහ මුසාමිල්, මහින්දනන්ද අලුත්ගමගේ වගේ අය මුන්ට විරුද්ධව කෙලින් හිටගෙන හිරේ ගිය එක වඩා නම්බුයි, අපේ අනිත් පවා දෙන්නන් වගේ මුන් එක්ක එක එක ඩීල් දාල සේප් වෙන්වට වඩා ,

  2. මතුගම ale says:

    ඔය හැමෝගෙම killotawala හුණු තියෙනවා.
    පලිගන්න ඕනෑ වුණාම ඒවා පෙනෙන්න ගන්නවා.
    මන්ත්‍රී තුමා හිත හදාගෙන ඉන්න.
    ඔය ඔබතුමන්ලා කරපු දේවල් ඵල දෙන හැටි තමයි .

  3. Champa says:

    Eh? again? එහෙම වෙන්නේ කොහොමද? මේ ළඟදිත් ගියාම පැය 7කටත් වඩා ප්‍රශ්න කරා නේද? යකාගේ පලි ගැනීමක්නේ මේක. තවත් මොනවාද ඉතුරු වෙලා තියෙන්නේ අහන්න? ඔබට දළදා සමිඳු පිහිටයි විමල් වීරවංශ මන්ත්‍රීතුමා. පරිස්සමින් ගිහින් එන්න. සෙනසුරාදා දවසක එන්න කිව්වට නම් යන්න එහෙම එපා ඔන්න.

    ලෝකෙ කොහේවත් රටක දේශපාලන පලි ගැනීම් කෙරෙන්නේ නැහැ අපේ රටේ වගේ. George Bush Jr. අයින් වෙලා යනකොට ඔබමා helicopter එක ලඟටම ගියා එයාව ඇරලවන්න. මේ ආණ්ඩුව බොහොම ඉහල මට්ටමකින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවලු, සහජීවනය ඇති කරන්න පියවර රැසක් අරන් තියෙනවලු. හැබැයි ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ, සිරිසේන ජනාධිපතිගේ කතා ඔක්කොම ජාත්‍යන්තරය රවට්ටන්න විතරයි. රට ඇතුලේ තියෙන්නේ එයිට සම්පූර්නයෙන්ම වෙනස්, දේශපාලන පලිගැනීම් වලින් පිරුණු දෙකේ පන්තියේ පාලනයක්. විරුද්ධ මතධාරීන් බොරු චෝදනා වලට ලක් කරලා හිරේ යවන එක අන්තිම ප්‍රාථමික ගණයේ ක්‍රියාවක්.

    රටේ ජනාධිපතිගේ අල්ලස් චෝදනාව යට ගහපු යහපාලනය ආණ්ඩුවට, රට වෙනුවෙන් කතා කරන විමල්ව දඩයම් කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.

    අන්න මහා බ්‍රිතානයේ අගමැතිතුමියත් ඇහුවා සිරිසේන ජනාධිපති FCID යන්නේ කවදද කියලා. ලැජ්ජයි. පහුගිය දවස්වල රාජිත සිරිසේන ජනාධිපතිව සමාන කලේ නෙල්සන් මැන්ඩෙලාට සහ හෝ-චි-මිං ට. රාජිතට දුවන්න හිතෙන්න ඇති local හෝ-චි-මිං ඕස්ට්‍රලියාවේ අල්ලස් චෝදනාවකට අහු වුනාම. ජනාධිපතිතුමාට තියෙන්නේ දැන් FCID එකට බාර වෙලා, අනිත් අයව යැව්වා වගේ හිරේ ගිහින් එන්න වේලාසනම, නැත්නම් අර දෙමල-දෙමල සහජීවනය ‘තොරොම්බොල්’ කරලා ගන්න හිටපු “නොබෙල් සාම තෑග්ගට” disqualify වෙයි.

    • Change says:

      ලංකා වුනාම ඔහම තමයි.
      එක පැත්තකින් හොරැ රජ වෙලා අතල් එකෙ ඉන්නව
      එවගෙම criminal charges තියන එවුන්ට කඩ‍ෙ යන ඇමරිකන් example ගන්න දේශහිතෂි එවුන් ඉන්නව.
      අවුලක් නෑ එ කාලේ භාර්යාව‍ො කියල කථාවක් ටිවි එකෙ පෙන්නුව එක බලල තව තියනව ඩිස්නිලන්ත ඉඳන් ගහපු ෆොටෝ ටිකක්. එ ටික බලල උඹ‍ෙ ඔළුවේ අං ඇවිල්ලද කියල බලල හොඳට නිදාගනින්
      මේ වෙබ්සයිට් එක විමල්ට කඩ‍ෙ ගියාට හැම එකම යන්න‍ෙ නෑ
      එක හින්ද පාළු ගෙයි වලං බිඳන්න එපා

      • Champa says:

        Change

        ඇමරිකන් කාරයාගේ සපත්තු ලෙවකන ආණ්ඩුවට, ඇමරිකන් උදාහරණ දෙන්නේ නැතුව තේරෙන්නේ නැහැ.

        ජාත්‍යන්තරය දිනා ගත්ත කියපු පාන්ඩුවට, ජාත්‍යන්තර උදාහරණ මිසක් ලංකාවේ උදාහරණ හරියන්නේ නැහැ.

        මම teledrama බලන්නේ නැහැ. ඒක නිසා ඒවා බලන්න කිව්වට වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ සල්ලි වලින් ඩිස්නිලන්තේ යන එකෙයි, මහජනතාවගේ සල්ලි වලින් ලෝකේ වටේ රවුම් ගහන එකෙයි වෙනස මම අඳුරනවා.

        මට අං තිබුන නම් මායි, වල්ගේ තියෙන උඹයි දෙන්නම ඉන්නේ ඕනේ එක පැත්තෙනෙ, හරක් පැටියෝ.

        “පාළු ගෙයි වලං බිඳිනවා” ? මෝඩයා, ගේ පාළු නම් මගේ comment එකට උත්තරයක් දෙන්න ඔච්චර මහන්සි වුනේ ඇයි? ලංකාවේ වැඩිම සෙනඟ ඉන්නේ මෙතන. අනිත් site බලන්නේ expatriates. ඒකයි සද්දේ ඇහෙන කොට උඹට දන්නෙම නැතුව උම්බෑ කියවුනේ.

Main News