විමල් ආණ්ඩුවෙන් ඉවත් කරන්නැයි පොහොට්ටු පසුපෙල අගමැතිගෙන් ඉල්ලයි..

March 11, 2021 at 10:02 pm | lanka C news
විමල් ආණ්ඩුවෙන් ඉවත් කරන්නැයි පොහොට්ටු පසුපෙල අගමැතිගෙන් ඉල්ලයි..

ඇමති විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී අගමැතිවරයා හමුවූ පසුපෙළ මන්ත්‍රීවරු විසින් මෙම ඉල්ලීම කර ඇත.

ඇමති විමල් වීරවංශ මහතා සිදුකරන ඇතැම් ප්‍රකාශ හා ඔහුගේ ඇතැම් ක්‍රියාමාර්ග නිසා ආණ්ඩුව බරපතළ හානියක් සිදුවන බවද ඔවුන් පෙන්වා දී ඇත.

විපක්ෂයට එයින් වාසියක් අත් වන බව ද මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.

ඇමති විමල් වීරවංශ මහතා ආණ්ඩුවෙන් ඉවත් කල යුතු බවටද ඇතැම් මන්ත‍්‍රීවරුන් පැවසුවේ යයිද තොරතුරු වාර්තා වේ.

30,286 views
Main News