විමල් ඇතුළු ජානිපෙ තොගයක් අද ජනාධිපති කොමිසමට කැදවයි..

November 4, 2016 at 8:40 am | lanka C news
විමල් ඇතුළු ජානිපෙ තොගයක් අද ජනාධිපති කොමිසමට කැදවයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු එම පක්‍ෂයේ ඉහල පෙලේ නායකයින් හය දෙනෙකු ඇතුළු පිරිසකට අද දිනයේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට දන්වා තිබේ.

පසුගිය රජය සමයේ මෙම පිරිසට පොලිස් ආරක්‍ෂාව ලබා දීම හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස හා වෙළඳසැල් ලබා දීමේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමකතා සම්බන්දයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ කැදවා ඇත.

2 views

2 Comments to “විමල් ඇතුළු ජානිපෙ තොගයක් අද ජනාධිපති කොමිසමට කැදවයි..”

  1. Champa says:

    මේ මොකක්ද? දැන් මේ රටේ ජනාධිපති King Kekille ද? මහ බැංකුව කොල්ල කාපු එවුන් පැත්තක. ඒ ගැන කතා කරන දේශපාලකයන්ව කොමිසම් ඉස්සරහට කැඳවනවා.

    ජනාධිපති පරීක්ෂණ කොමිසම කිව්වේ මොකක්ද? මේක අර විලම්බීත කොමිසමට කියන වෙන නමක්ද? නැත්නම් තව එකක්ද? මේ මස් මඩු නඩත්තු කරන්නේ මහජන මුදලින් නේද?

    දැන් මහ බැංකු බැඳුම්කර හොරා රනිල්වත් මේ කියන ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳේව්වද?

    නැත්නම් මේ කොමිසමේ කාර්යය ඇහැට නොපෙනන සංවර්ධනයක් කෙරුවැයි කියන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හැටියට ඇහැට නොපෙනෙන දේවල් ගැන හොයා හොයා පරීක්ෂණ කර කර ඇස් නිලංකාර කරන මහබැංකු බැඳුම්කර මගඩිය ගැන මුනිවත රැකීමද?

    • Champa says:

      මේ අර බූත කොමිසමම තමා (PRECIPAC) ඒකෙ දිග නම මම කවදාවත් කියවල නැහැ. ඒක ජනාධිපති කොමිසමක් කියලා දන්නේ දැන්.

Main News