විමල් ඇමති ධුර එපා කියයි.. විමල්ට බැරිනම් ජානිපෙට කැබිනට් ඇමතිකම් බෑ කියයි.. රාජ්‍ය හෝ නියෝජ්‍ය පමණයි..

November 6, 2018 at 3:50 pm | lanka C news
විමල් ඇමති ධුර එපා කියයි.. විමල්ට බැරිනම් ජානිපෙට කැබිනට් ඇමතිකම් බෑ කියයි.. රාජ්‍ය හෝ නියෝජ්‍ය පමණයි..

නව ඇමති මණ්ඩාලය ඇමති ධුරයක් බාර නොගැනීමට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා තීරණය කර ඇත.

ඒ වෙනුවට එම පක්‍ෂය විසින් කැබිනට් ඇමති ධුරයක් සදහා නම් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතායි.

කෙසේ වෙතත් ජයන්ත සමරවීර මහතාට කැබිනට් ඇමති ධුරයක් ලබා දීම මේ වන විට ගැටළු කාරී තත්වයක පවතින අතර ඔහුට යෝජනා වී ඇත්තේ රාජ්‍ය ඇමති ධුරයකි.

වීරවංශ මහතා ඇමති ධුරයක් බාර ගන්නේ නම් ඔහුට කැබිනට් ඇමති ධුරයක්ද වෙනත් අයෙකු එම පක්‍ෂයෙන් නම් කරන්නේ නම් කැබිනට් නොවන ඇමති ධුරයක්ද ලබා දීමට දැනට යෝජනා වී ඇත.

මේ සම්බන්දයෙන් ජාතික නිදහස් පෙරමුණ එකගතාවක් මෙතෙක් පල කර නැති අතර තව දුරටත් සාකච්චා පැවැත්වෙමින් තිබේ.

18 views

18 Comments to “විමල් ඇමති ධුර එපා කියයි.. විමල්ට බැරිනම් ජානිපෙට කැබිනට් ඇමතිකම් බෑ කියයි.. රාජ්‍ය හෝ නියෝජ්‍ය පමණයි..”

  1. Saman Pathberiya says:

    Taken a ministry or portfolio by Nation Freedom Front is important.
    Why is that people expectation are high ,ongoing development seek more projects created also important national economy development. NFF must join that task.

  2. Gayantha says:

    දැම්ම ගන්න එපා. සිරා කියන්නේ එක එක වෙලාවට එක එක කතා කියන ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක්. ටික කාලයක් ඉදලා බලලා ගන්න.

  3. මේ අර මට නෙවෙයි මේ උන්නාන්සෙට බෙදන්න තියරියනෙ. අනික දැනට පිලිගැනීමක් නැති ඔය අමාත්‍යමණ්ඩලයෙ අගමැති උනත් වැඩක් තියෙද?

  4. gona says:

    API DANNAWA BASIL WIMALTA DENNA KEMATHI NEE KIYALA, NAMUTH SIRAGE UWAMANAWATA DUNNA

Main News