විමල් ඇමරිකා තානාපතිනිය හා හැප්පෙයි.. ඒක බොරුනම් ඇත්ත කුමක්දැයි අසයි..

July 2, 2019 at 6:48 pm | lanka C news
විමල් ඇමරිකා තානාපතිනිය හා හැප්පෙයි.. ඒක බොරුනම් ඇත්ත කුමක්දැයි අසයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

“කඳවුරු හදන්න වුවමනා නැතිනම් ලංකාවම තම යුද තිප්පොළක් කළ හැකි වගන්ති ඇතුළත් SOFA ගිවිසුම කුමකටදැයි ඇමරිකානු තානාපතිනිය පැහැදිළි කළ යුතුයි’‘

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විසින් නිකුත් කර ඇති ට්වීටර් පණිවිඩයක, ‘ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට කිසිඳු සැලසුමක් හෝ වුවමනාවක් නැහැ.’ යනුවෙන් සඳහන් කර ඇත. එසේ ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමේ සැලසුමක් හෝ වුවමනාවක් නැත්නම් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත එවා ඇති හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුමට (SOFA – Status Of Forces Agreement) අදාළ ලේඛනයෙහි සඳහන් කරුණු මොනවාදැයි අපි දැන ගැනීමට කැමැත්තෙමු. එසේම විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ ඇමරිකානු තානාපතිනිය මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති සාකච්ඡාවලදී පැමිණි එකඟතාවන් කවරාකාරදැයි දැන ගැනීමට ද අපි කැමැත්තෙමු.

මේ වන විට රට හමුවේ සෝෆා ගිවිසුම (SOFA) යැයි අනාවරණය වී ඇති ලේඛනයෙහි අඩංගු කරුණු සැකවින් රට හමුවේ තැබීමට කැමැත්තෙමු. ඒ අනුව මෙම ගිවිසුම අදාළ වන්නේ ඇමරිකානු හමුදාවන්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් නිලධාරීන්, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගත වන කොන්ත්‍රාත්කරුවන්ට ය. ඒ සියලුදෙනාටම ‘තානාපති සබඳතා පිළිබඳ වියානා සම්මුතියට’ අනුව තානාපති මුක්තිය ලැබෙනු ඇත. ඔවුනට වරප්‍රසාද සහිතව ශ්‍රී ලංකාව තුළ පරීක්ෂා කිරීම්වලින් තොරව අධි ආරක්ෂිත කලාප ඇතුළු ඕනෑම ස්ථානයකට ඇතුළු වීමට හැකි ය. එසේම ඔවුනට ශ්‍රී ලංකාවේ නීතිය අදාළ නොවන අතර ඔවුන් සිදු කරන නීති විරෝධී හෝ සාපරාධී ක්‍රියාවන් සඳහා ඇමරිකානු නීතිය පමණක් අදාළ වෙයි.

එසේම ශ්‍රී ලංකාව තුළ පනවා ඇති බදුවලට හෝ කිසිදු ගෙවීමකට එම ඇමරිකානු පුද්ගලයන් යටත් වන්නේ නැත. ඔවුනට අවශ්‍ය දේපළ, උපකරණ, සැපයීම්, අමුද්‍රව්‍ය හා තාක්ෂණ පුහුණුවීම්වලට අදාළ දේවල් ආනයනය කිරීමට අයිතිය ලැබේ. ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉහත සන්නද්ධ පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගන්නා සියලු යාත්‍රා සහ වාහනවලට ශ්‍රී ලංකා භූමියට ඇතුළුවීමට හා පිටවීමට, නිදහසේ ගමන් කිරීමට අයිතිය ලැබේ. ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේම විදුලි සංදේශ ජාලයක් කිසිඳු ගෙවීමකින් තොරව භාවිතා කිරීමට අයිතිය ලැබේ.

මෙවැනි කරුණු ඇතුළත් ගිවිසුමක් බලාත්මක වුවහොත් ඇමරිකානු කඳවුරු ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ වුවමනාවක් නැත. මක් නිසාද යත්, එමගින් මුළුමහත් ශ්‍රී ලංකාවම ඇමරිකානු එක්සත් ජනපදයේ යුද තිප්පොළක් වන නිසා ය.

ඒ නිසා අප ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙතෙක් සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය සමඟ සිදුකර ඇති සාකච්ඡා, ඒ සම්බන්ධයෙන් ඇති වී තිබෙන එකඟතා, කෙටුම්පත් හා ලේඛන මොනවාදැයි විවෘතව හා විනිවිද පෙනෙනසුලු ආකාරයෙන් අනාවරණය කරන ලෙස ය. එසේ නොමැතිව මෙසේ වරින් වර ට්වීටර් පණිවිඩ නිකුත් කිරීමෙන් මේ ගැටළුව නිරාකරණය නොවන බව ද සඳහන් කරනු කැමැත්තෙමු.

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ.

43,860 Viewers

22 Comments to “විමල් ඇමරිකා තානාපතිනිය හා හැප්පෙයි.. ඒක බොරුනම් ඇත්ත කුමක්දැයි අසයි..”

  1. sinha lee says:

    Mulu Lokayama Kotawamin, Ginithiyamin Anunge Ratawal Horakamin Amerikawa Thamange Yaei Kiyaganna Hingana Pitaratiyanta Lankawe Idak Nodemu. Garu Wimal Weerawansa Oba Rate Viruwek.

    • දේවක says:

      හොඳ වෙලාවට නිවේදනය සිංහලෙන්

      • රූපබංදු says:

        අපේ උන්ට මේ වගේ නිවුස් දකිද්දී පශ්චාත් බාගේ කාසේ හැදෙනවා. ඇයි ඇමරිකාවේ සක්කිලි එවුන් වදාපු ළමයි නේ.

      • Pal says:

        Waduru manasikathwaya..
        Yako Basawak Bariweema ada loke gataluwak nowei…

        That is why you have translators bugger .

      • NAK says:

        Why? Tepliz doesn’t know Sinhala?

  2. LION says:

    SOFA ගිවිසුම අපේ රටට අවශ්‍ය නැත එය හකුලා ගනු ..ඇමරිකානු කඳවුරු ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමේ වුවමනාවක් නැත.
    ගරු විමල්ට අපේ ප්‍රණාමය

  3. Prince says:

    බොරැ සෝබන වැඩ, ලංකාවෙ තානාපති වරැන්ගෙන්, අත්සන් කරපු අමෙරිකන් ජාතික ගෝඨගෙන්, තිලක් මාරපනගෙන්, ඇහැව්වනම් කියනවනෙ, වහල්ලු චූන් කරන්ඩ මරැ නැත්ද

    • තලේක මොරම says:

      හඳ පෙන්නුවා ම දික් කරපු ඇඟිල්ල දිහා බලලා නියපොත්තෙ දිග පළල කතා කරලා නිදා ගන්න යන අයත් ඉන්නවා ආයුබොවන්…

  4. berawaya says:

    wimalayath ekka happenna Trump bayawela athi paw ha ha aha

    • අංකූරා says:

      ඒක හරි , වැරැද්දකදී විරුද්ධ වෙන්න තරම් පෞරුෂයක් නැති දැනීමක් නැති අය එහෙම හැකියාවක් තියෙන අයගෙ අඩුපාඩු තමයි දකින්නේ !!.

  5. බන්ඩා says:

    ඇමරිකාව ගඩාෆි පන්නා දමන්න ගුවන් ප්‍රහාර කරමින් ‘අරාබි වසන්ත’ කරැවන්ට ආධාර අනුබල දුන්නේ ලිබියානු ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන දෙන්නය්. අද වෙන කොට ලිබියානුවන්ට තිබ්බ ර
    ආරක්ෂාව තියා කන්න බොන්න වත් නැහැ. රටම ගිනි ගොඩක් වෙලා. රැසියන් මැදිහත් වීම නිසා සිරියාව ගැලඋනා. ඇමරිකාව යන්නේ කොතනටද එතන ඉතිරි වන්නේ විනාසයය්.

    SOFA ගිවිසුමට අති බහුතර ශ්‍රි ලාංකිය ජනතාව විරැද්ධ බව පෙන්වා දෙන විමල්ට අපේ ප්‍රනාමය.

  6. Gonsun says:

    The world will be safe if there is no America , Muslims and European Hypocrits

  7. MD says:

    MATITUMANI IDIRIYATAMA YANNA.OBATA APAGE PRANAMAYA PUDAKARAMI.🇱🇰🇱🇰🇱🇰🇱🇰

  8. sunimal says:

    ඇමෙරිකාව සිතන්නේ ඒ අය තමා සර්වබලදාරී දෙවියන් කියා සැම රටක්ම ඒ අයට යටත් විය යුතුලු

  9. PULATHISI says:

    දේශහිතෛෂී විමල් මැතිඳුනි සැමදා මව්බිම වෙනුවෙන් දිවිපරදුවට තබා සටන් කරන ඔබට අපේ ප්‍රණාමය. ජයවේවා.

  10. ගරසරප says:

    ඇය් ඕක ඇයට ට්විටර් ඔස්සේම කියන්නෙ නැත්තේ?

    • අංකූරා says:

      සමහර ගෙම්බන්ටත් මේ පණිවිඩය යන්න ඕනෑ හින්දනෙ !.

      • දේවක says:

        ඒ කිව්වෙ බයි ගෙම්බන්ට. එතකොටනෙ ඡන්ද හම්බවෙන්නෙ.

  11. Navod Ayeshka says:

    ලංකාවට ඇමරිකා හමුදා ආවොත් අපිට වෙන්නේ ඇමරිකන්-චීන යුද්ධයට මැදි වෙලා මැරිලා යන්න.

  12. NAK says:

    It is shameful for a country like America that claims to be a super power to subjugate a small weak country with agreements signed with puppets they themselves installed.
    If the US wants our land come from the front door and invade us without resorting to cowardly ways.

  13. roger says:

    ayyo paw oyi..mu maara widihita kicha wenne..disneyland tiyenne americaweda ?

Main News