විමල්-උදය ආණ්ඩුයට සහාය දුන් අය නොවේ…
March 5, 2022 at 1:20 pm | lanka C news
උදය ගම්මන්පිල , විමල් විරවංශ , වාසුදේව නානායක්කාර යන අය ආණ්ඩුව පිහිටු විමට සහයෝගය දැක් වු අය මිස ආණ්ඩුව පවත්වාගෙන යාමට සහයෝගය නොදැක් වු පිරිසක් බව අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පැවසිය.
දිළුම් අමුණුගම අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ (05) දින මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සංචාරකයන් ප්‍රවාහනය කිරිම සදහා ආරම්භ කල විශේෂ දුම්රියේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් හැටන් දුම්රිය ස්ථානයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය දිළුම් අමුණුගම මහතා කියා සිටියේ
දුම්රිය දෙපාර්තුමේන්තුවට සහ ලංගමට අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාව සමග සාකච්ඡා කරලා අපි අරගෙන තියෙනවා.
ලංගම ඩිපෝ 45 ක් (05) දින සිට ආරම්භ කලා පෞද්ගලික බස් රථ වලට සහ සංචාරකයන් ප්‍රවාහනය කරන බස් රථ වලට ඉන්ධන ලබාදෙන්න.
අර්බුධයක් තියෙනවා , ඒක විසදන්න පුළුවන් ප්‍රවාහන අමාත්‍යංශයට නෙවෙයි බලශක්ති අමාත්‍යංශයට.
ඉන්ධන මිල සම්බන්ධයෙන් තිරණ ගන්නේ මුදල් ඇමතිවරයා සහ බලශක්ති අමාත්‍යංශය.
ඉන්ධන ගෙනල්ලා අලෙවි කරන්නේ පාඩුවට , මිල වැඩි මිලකට ප්‍රවාහන අමාත්‍යංශය වශයෙන් අපි කැමති නැ නමුත් අනිත් අමාත්‍යංශ සම්බන්ධයෙන් අපි හිතන්න ඕනි.
විමල් විරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාර ආණ්ඩුව බිහි කරන්න කටයුතු කල පිරිසක්, එහෙම කියලා බිහි කරන්න උදව් කරපු අය ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධා කරනවා නම් අර්බුධයක් ඇති වුණාම පැනලා යනවා නම් ඒක පවත්වාගෙන යන්න බැ.
ඒ අය ඉවත් විම සම්බන්ධයෙන් වැඩියෙන්ම කණගාටු වෙන්නේ මම, මහින්ද සුලග ආරම්භ කරනකොට ඒ අය සමග ප්‍රථමයෙන් කටයුතු කලේ මම.
අර්බුධයකදි තමයි ආණ්ඩුව සමග කටයුතු කරන්න ඕනි පැනලා යන්න බැ , ඒ නිසා ජනාධිපතිතුමාට ගත හැකි වෙන තිරණයක් නැ.
නාට්‍යයන් රග දක්වන්න අපිට ඕනි නැ , මොකද අර්බුධ තියෙනවා අපිට විසදන්න.
අපිටත් කැබ්නට් එකේ එකග වෙන්න බැරි අය ඉන්නවා එහෙම කියලා මාධ්‍ය හමු තියලා ඒ අයට බැනලා ආණ්ඩුවට බනින්න බැ , ඒක සාමුහික වගකිම කඩ කිරිමක්.
ඒ අයට යන්න කියන්නේ නැ , අපි කියන්නේ සාකච්ඡා කරලා ඒ අය ආණ්ඩුවේ තියා ගන්න කියලා.
69 ලක්ෂය පමණක් නොවන 52 ලක්ෂය නොමැරි පවත්වාගෙන යන්න අපි කටයුතු කරලා තියෙනවා.
මහින්ද රාජපක්ෂ යුද්ධෙන් ජනතාව මැරෙන එක නතර කලා , ගෝඨාභය රාජපක්ෂ මහතාත් ජනතාව මැරෙන එක නතර කරලා තියෙනවා.යනුවෙන් පැවසිය.
දිනපතා මහනුවර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම විශේෂ දුම්රිය පස්වරු 1.30 ට ඇල්ල දුම්රිය ස්ථානයට ළගා වන අතර , පස්වරු 2 ට මෙම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිමට නියමිතය.
මෙම දුම්රිය පළමු පන්තියේ මැදිරි 10 කින් සමන්විත වන අතර සියළුම මැදිරි වායු සමිකරණය කර ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
මම හිතුවේ දිලුම් කියන්නේ කෙලෙහිගුන දන්නා මනුස්සයෙක් කියලා! බලපුවාම ඇමැති කට්ටක් වෙනුවෙන් ඕන පූපයක් ලෙවකන එකෙක් නේ!
Ow, ow, anduwe hitiyata, anduwe waradi kiwwa. Aka waradi wadak. Anduwa karana magadi wada tika, ethakota minissu danagannawane neda.
කිසිම දෙයක් කරන්න බැරි අපතයෙක් ආණ්ඩුව බලයට ගේන්න කඩේ ගිය එවුන්ට ගරහනවා. මුන් එක්කම පොහොට්ටුව වලට යනව.කාලය පිලිබඳ ප්‍රශ්නයයක් විතරයි.ඔහොම යමූ…..