විමල්-ගම්මන්පිලගේ පක්ෂවලට ඒකාබද්දයෙන් කැපිල්ලක්.. ලේකම්ලා උසස් නැතැයි හිටපු ජනපති ලේකම් දොර වසා එලවයි..
October 5, 2017 at 11:20 am | lanka C news
ඒකාබද්ධ විපක්ෂය විසින් මෑතකදී ආරම්භ කල ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවීමේ අවස්ථාවේදී ජාතික නිදහස් පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමයට අසාධාරණයක් සිදුව ඇතැයි එම පක්ෂය පෙන්වා දෙයි.
පැවති රජය සමයේ දී මාධ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු දැරූ පිරිසක් හා තවත් කිහිප දෙනෙකු එක්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේදී සාකච්ඡාවක් පසුගියදා සිදු කර ඇති අතර ජාතික පෙරමුණේ මාධ්‍ය ලේකම් අනුරුද්ද රණවාරන හා පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් අරවින්ද අතුකෝරල යන මහත්වරුන්ටද ඊට සහභාගී වන ලෙස දන්වා තිබී ඇත.
එම දැනුම් දීම අනුව ඔවුන් දෙදෙනාද හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට ගියද එහිදී ආරක්ෂක අංශ විසින් හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් උදිත ලොකු බණ්ඩාර දැනුවත් කිරීමෙන් ඔහු පවසා ඇත්තේ මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ උසස් මට්ටමේ පිරිසක් අතර නිසා ඔවුන් දෙදෙනා නිවෙසට ඇතුළු කර ගත නොහැකි බවයි.
ඒ අනුව මාධ්‍ය ලේකම්වරුන් ආපසු හැරී ගොස් ඇත.
පසුගිය වසර දෙක හමාරක පමණ කාලයක් ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය කටයුතුවලට සම්බන්ධවූ මෙම මාධ්‍ය ලේකම්වරුන් දෙදෙනා අදාල සිදුවීම ගැන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන පක්ෂ නායකයින් දැනුවත් කර ඇති අතර මේ සම්බන්දයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්චා කරන බව පැවසීය.
Mun dennage පක්ෂ 2 ta marama mara jana balayak thiyenne UNP ekatai SLFP ekatai hena threat ekak ..anika ..hikz
උසස් අය කියන්නේ වෙන කවෘත් නෙවෙයි චන්ද්‍රපාල ලියනගේ සහ සුධර්මන් රදලියගොඩ යන දෙන්නා
This is a minor matter which can be easily sorted out at party leaders’ meeting.
Please don’t take it seriously or do not let things go uncontrolled as unpatriotic forces
are eagerly waiting for the opportune time to create divisions among patriotic movements
like JO, NFF and PHU.
Owunta yam asadaranaysk siduwee athnam eya kadinamin nivarad wiya yuthui. Samagiya balaya wana bawa pasak karaganna.
Thunweni balawegawalata himiwanne paswana thena thamayi
විමල් , දිනේෂ්, වාසු ගම්මන්පිල නොසිටින්නට අද මේ රට යහපාලන රාජධානියක් වී හමාරය
අද පොහොට්ටුවේ සිටින බොහෝ දෙනෙක් ඇමති දූර දරනු ඇත, මහින්ද මහතා විවේක සුවයෙන් සිටිනු ඇත !,
Completely true.
Jeppo balagena inne koyi weledha Ekabadhdha Wipakshaye thiyena samagiya kadenne kiyala.
Ethakota unta puluwani mey Yamapalana aanduwa thawadhuratath adhagena yanda.
මෙම ප්‍රවෘත්තියේ සදහන් ආකාරයට මෙම මාධ්‍ය මධ්‍යස්ථානය ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය මධ්‍යස්ථානයක් නෙවේ ! මෙය මෙම ප්‍රවෘත්තියේම සදහන් ආකාරයේ පැවති රජය සමයේ දී මාධ්‍ය ආයතනවල තනතුරු දැරූ පිරිසක් හා තවත් කිහිප දෙනෙකු වසර දෙකහමාරකින් පසු එක්ව පිහිටුවාගත් මාධ්‍ය කමිටුවක්. සැප්. 27 වෙනි දින පැවති සාකච්ඡාවට ජානිපෙ හා පි.හෙ.උ යේ මාධ්‍ය ලේකම්වරුන්ට ද ආරාධනා කර තිබූනද ඔවුන් හරවායාවා තිබුණෝ පෞද්ගලික ලේකම්වරයාගේ නොසැලකිලිමත් කමින් මිස ඒකාබද්ධ විපක්ෂයේන් නොවේ. මෙම මාධ්‍ය ලේකම් දෙපල ඒකාබද්ධ විපක්ෂයේ ආරම්භයේ සිට මේ මොහොතෙත් ඔවුන්ගේ නිහඬ සේවය සක්‍රීයව ලබාදෙවා.
Janaka oba hari
Wimal , Gamnpila nathuwa
Wena kaw da me gamana yanna ennee
Mewa jathiyanthara kumantharanada ?
This must be thoroughly investigated and if any wrong been done effective measures must be taken to correct them.