විමල්-චම්පික දේශපාලන පෙරමුණකද… ආණ්ඩුවට වැඩේ දෙන්න සාකච්චාද..
January 13, 2021 at 12:07 am | lanka C news
පෙර කලක තමන් විසින් ‘දොන් ජුවන් ධර්මපාල පෙරිය බණ්ඩාර’ ලෙස හැඳින්වූ රනිල් වික්‍රමසිංහ නැමති දේශපාලනඥයා පසුව ‘දියසෙන් කුමාරයා’ ලෙසින් පිළිගත් අවස්ථාවාදයේ කප්පිත්තකු වන පා.ච. රණවක වැන්නකු සමග කවර දේශපාලන පෙරමුණු දැයි ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියි.
ටී.වී දෙරණ 360° වැඩසටහනට සහභාගී වූ විමල් වීරවංශ අමාත්‍යවරයාගෙන් ‘පා.ච. රණවක මන්ත්‍රීවරයා ගොඩනඟන නව බලවේගයට සම්බන්ධ වෙනවාද?’ යනුවෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
මෙහිදී දැඩිව අදහස් දැක්වූ ජානිපෙ නායකවරයා පෙන්වා දුන්නේ පා.ච. රණවක යනු ප්‍රතිපත්තියක් නැති, රටක් ජාතියක් ගැන ඒකමතික හැඟීමක් නැති, ඕනෑම දේශපාලන අසූචි වලක ලගින්නෙකු ලෙස මෙරට ජාතිකවාදී, ප්රගතිශීලී ජනතාව හඳුනා ගෙන ඇති බව ය.
පා.ච. රණවක මන්ත්‍රීවරයා ‘විමල්, ගම්මන්පිල ,බන්දුල එකතුකරගෙන ආණ්ඩුවට වැඩේ දීමට සාකච්ඡා කරමින් සිටිනවා’ යනුවෙන් තැන තැන ප්‍රකාශකර ඇතැයි තමන්ට ද දැනගැනීමට ලැබුණු බවත් එවැනි දේශපාලන පිංගුත්තරයකු සමග සාකච්ඡා කරනවා තබා ඔහු සිටින දෙස බැලීමටවත් තමන් ඇතුළු ඉහත පිරිස සූදානම් නැති බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
විමල් මහත්තයා රටට ආදරය කරන සරළ මනුස්සයා එතුමා බඩේ අමාරුවකට වත් පාට පාට ලී දාපු ගූ ටොයිලට් එකක් පැත්ත පලාතක යන කෙනෙක් නෙවෙයි
විමල් වීරවංශ කියන්නෙ අනාගත අගමැති අංකුරයක්
එහෙම කෙනෙක්ට පාට ලී වැඩක් නෑ
පාට ලී හොඳ නෑ
හොඳ ලී පාට කරන්නෙත් නෑ
කොලිටියට ඉන්න විමල් මහත්තයා වර්ගේ කෙනෙක්ට ඔය බාල ලී වලින් වැඩක් නෑ
අඩුගානේ අපි වත් ඔය බාල ලී ගනන් ගන්නෙ නෑ
දේශපාලන පිංගුත්තරයා…. පච රනවකට නියම නම
පාඨලී, විමල්, සරත් & නානසාර හිමි, very good combination. They can win the election very easily. රටටත් සෙතක් කරයි අනිවාර්යෙන් ම. දැන් ඉන්න ඩීල් සෙට් එකනම් රටට නම් මහා හෙනයක්.
කේතලය කිවුවලු මුට්ටියට උඹ කලුයි කියල.
පාතලේකෙකදානකොට උඹෙ කලු වෙයි කියලා හිතුනෙ නැද්ද
ගෝල බාලයො කිහිප දෙනෙක් ඇර වෙන කිසිවෙක් අද චම්පක එක්කනැහැ. කුහක පචයට එක්තු වෙන්න විමල්ට පිස්සු නැහැ.
ගෝල බාලයො කිහිප දෙනෙක් ඇර වෙන කිසිවෙක් අද චම්පක එක්ක නැහැ. කුහක පචයට එක්තු වෙන්න විමල්ට පිස්සු නැහැ. පචයට ගැලපෙන්නේ සජී සහ සජබ පමනය්.
Well said, Wimal! All the best!
දේශපාලන පින්ගුත්තරයා කියලා හැන්සාඩ්ගතවෙලා තියන්නෙ පනික්කියගෙ නමනෙ පර්ලිමේන්තුවේ . නියම කතාව තියනව you tube එකේ 🤣🤣🤣 මාවරමන්ඩියෙ නංගි සිහිමුර්ජා 🤣🤣
අනෙ විමල්……පාටලී වගෙ පාවාදෙන , උද්දච්ව , වනචර , කෙලෙහි ගුනයන් පිහිටල නැති , බුද්දාගම පෙන්නලා පාස්ටරයෙක් වෙච්වි , වෛරයම වපුරවන නලින් ද සිල්වා ගෙ සිට රතන දක්වා ලග සිටි සියලු දෙනාට පිහියෙන් ඇන්න, යහපාලන වසංගතය ගෙනත් මුලු රටම විනාශ කල ඒත් හොදට හම්බු කරගත් අන්තිමට යකඩ මිනිහා තමන්යැයි කැම්පේන් කරමින් අති දුප්පත් මානසික තත්ත්වයක් පෙන්වු මෙවන් පිලිලයයකට ඔබ වන් දේශපාලකයකු නොගැලපේ…