විමල් ජාතියෙන් සමාව ගත යුතුයි.. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න අපි එකග නෑ..- ජානිපෙ ජාතික සංවිධායක පියසිරි විජේනායක මධ්‍ය කැදවා කියයි..[Video]

October 25, 2017 at 2:10 pm | lanka C news
විමල් ජාතියෙන් සමාව ගත යුතුයි.. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න අපි එකග නෑ..- ජානිපෙ ජාතික සංවිධායක පියසිරි විජේනායක මධ්‍ය කැදවා කියයි..[Video]

යොජිත නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත කලහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යයි ජාතික නිදහස් පෙරමුණ පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජාතියෙන් සමාව යැදිය යුතු යයි එම පක්‍ෂ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා සදහන් කරයි.

අද ගම්පහදී හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු කියා සිටියේ එම ප‍්‍රකාශය වීරවංශ මහතාගේ පුද්ගලික මතය මිල පක්‍ෂයේ මතයක් නොවන බවත් එම ප‍්‍රකාශය සම්බන්යෙන් ජාතියට කණගාටුව ප‍්‍රකාශ කරන බවත්ය.

අදාල ප‍්‍රකාශය නිසා අද රට තුල ඇති සාමකාමී තත්වයට ගැටළු ඇති කරවනු ඇතැයිද සදහන් කරන ඔහු ඉදිරි දිනකදී පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී වීරවංශ මහතා ජාතියෙන් සමාව ගත යුතුයයි යෝජනා කරන බවද සදහන් කරයි.

මෙම ප‍්‍රකාශය කිසිසේතම පක්‍ෂයේ ප‍්‍රකාශක් ලෙස නොසකන ලෙස තමන් ජාතික සංවිධායකයා ලෙස ඉල්ලා සිටින බවද ඔහු එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

147 views

43 Comments to “විමල් ජාතියෙන් සමාව ගත යුතුයි.. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න අපි එකග නෑ..- ජානිපෙ ජාතික සංවිධායක පියසිරි විජේනායක මධ්‍ය කැදවා කියයි..[Video]”

  1. W aru says:

    Me thattaya hadanne Vimal wa eliyata dala pakshaye nayakaya wenna wage .. Mu Vimal appachchiwela , Jathiyen samawaganna tharam varadak vimal kale na thattayata singhala notheren ekaka dan meyai vimal gen samawa ganna on Vimal sohodaraya api oba samagai , Me gon thaka thiruwava elawala danna ..

Main News