විමල් තම නඩුවට තමන්ම පෙනී සිටී.. නීතීඥ සහාය එපා කියයි..

March 6, 2017 at 12:40 pm | lanka C news
විමල් තම නඩුවට තමන්ම පෙනී සිටී.. නීතීඥ සහාය එපා කියයි..

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද දිනයේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ තමනට නීතීඥ සහාය නොමැතිව කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලීමට නඩුව ටික වේලාවක් කල් තැබූ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නඩුව යලි කැදවමින් කියා සිටියේ අදාල කරුණු දැක්වීම කෙටියෙන් කරන ලෙසයි.

89 views
Main News