විමල් තව දෙසතියක් වැලිකඩට.. දැන් දින 85ක් හිරේ..

March 20, 2017 at 10:40 am | lanka C news
විමල් තව දෙසතියක් වැලිකඩට.. දැන් දින 85ක් හිරේ..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ එන අපේ‍්‍රල් මස 03 තෙක් නැවතත් රක්‍ෂිත බන්ධනාගාරගතකරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

ඒ මහතා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ගිය රජයේ ඇමතිවරයෙක්ව සිටියදී රජයේ වාහන අවභාවිත කිරීමට අනුබල දුන්නේ යයි සැක පිටයි.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගිය ජනවාරි 10 වන දින මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එදින පටන් අපේ‍්‍රල් 03 වන දින තෙක් කාලය දින 85ක් වෙයි.

30 views
Main News