විමල් තීරණාත්මක තැනකට.. ඒකාබද්දට දැඩි විරෝධය..
April 21, 2018 at 12:06 am | lanka C news
13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දමන්නක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව දැන් ජවිපෙ විසින් භාරගෙන තිබේ. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය ඊට කොන්දේසි සහිතව සහයෝගය දෙන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දැනටමත් ප්‍රකාශ කොට තිබේ.
‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම’ ඔවුන් පවසන ඉහත කී කොන්දේසිය ය. එවැනි තීරණයකට ඒකාබද්ධ විපක්ෂය මේ වන විට නිල වශයෙන් එළඹ නැති බවත් එවැනි තීරණයක් ගැනීමට සූදානම් වුවහොත් ජාතික නිදහස් පෙරමුණ ඊට දැඩි ලෙස විරුද්ධ වන බවත් මේ මොහොතේ ජාතිය හමුවේ අවධාරණය කිරීමට කැමැත්තෙමු.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතිද්දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කිසිසේත්ම නිවැරදි නොවේ. එය රට තවදුරටත් අවුලෙන් අවුලට ඇද දමන්නකි. දහතුන්වැනි සංශෝධනය මගින් පූර්ණ සන්ධීය රාජ්‍යයක් බිහි නොවීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් වූයේ ද වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විධායක ජනාධිපති ක්‍රමය ය.
වර්ධරාජා පෙරුමාල් සිය සීමාව ඉක්මවා ගිය විට උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැර එය ආණ්ඩුකාර පාලනයකට නතුකර ගැනීමට හැකි වූයේ ද විධායක ජනාධිපති ධුරය සතු බලතල නිසා ය.
ජවිපෙ මේ ඉටු කරන්නේ කොන්ත්‍රාත්තුවක් ය. මේ එන්නේ විධායකය අහෝසි කිරීමේ මුවාවෙන් ඒකීය රාජ්‍යය අහෝසි කිරීමට බව අප අවබෝධ කරගත යුතු ය. ඒ කාර්යය ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන්නේ කාරක සභා අවස්ථාවේදී ගෙන එන සුළු සංශෝධන මගින් බව මෑත ඉතිහාසයේ අප ලත් පාඩම් ඇසුරින් වටහා ගැනීමට අපට දැන් හැකිවිය යුතු ය.
අවසානයේ සිදුවනු ඇත්තේ පළාත් සභාවලට අදාළව ජනාධිපතිවරයාට ඇති පාලනය අහෝසි කිරීම සහ තවත් ඒකීය රාජ්‍යයේ පැවැත්මට හානිකර සංශෝධන සම්මත වී විධායක ජනාධිපති ධුරය නාමිකව අහෝසි කිරීම සදහා අවශ්‍ය ජනමත විචාරණය පසුවට කල් යාම බව නොවැටහීම බරපතළ වරදක් බව කිව යුතු ය.
මේ ආකාරයට ඒකීය රාජ්‍යය අනතුරේ වැටුණු පසු අප ලබාගන්නා මැතිවරණ යනු අසනීපයට බෙහෙත් කිරීමට සුදුසු වෛද්‍යවරයකු සෙවීම පසෙක තබා ‘දැනට මේ බෙහෙත් බොමු. නමුත් පසුව හොද මල් ශාලාවක් සොයා ගමු.’ පන්නයේ විකල්පයකි. කිසිසේත් එකකට එකක් යා නොවන ඉල්ලීම් එකට අනා ඉදිරිපත් කිරීම වෙනුවට රටේ ඒකීයභාවයට එරෙහිව ඇති අනතුර හදුනාගන්නා ලෙසත් විදේශීය පෑන් පහරින් කෙටුම්පත් කරන යෝජනාවල බැටළු හම මෑත්කර ඒ යටින් ඇති වෘකයා හදුනාගැනීමට උනන්දු වන ලෙසත් මුළුමහත් ජාතියෙන්ම ඉල්ලා සිටින අතර මේ යටිකූට්ටු හවුලේ ෆෙඩරල් ක්‍රියාදාමයට එරෙහිව අවදියෙන් කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිනු කැමැත්තෙමු.
විමල් වීරවංශ, (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
රට වෙනුවෙන් සැමවිටම නිවැරදි මග පෙන්වා දෙන, ඒ මගෙහි ගමන් කරන ඔබතුමාට අපගේ ගෞරවනීය ප්‍රණාමය !!!
රනිල්ට ගොට්ට අල්ලන ජෙප්පන්ගෙ ගුලි ගිලින්න ඒකාබද්ධ විපක්ශය මෝඩ නොවිය යුතුය. විධායක ජනාධිපති කම අහෝසි කරන්න මේ රටේ මිනිස්සු ඉල්ලුවේ නැහැ. ඒක සෝභිත සාදු තමන්ට ගරානාව ලැබෙන විදේශ බලවේග වල උවමනාවට ඉල්ලුව එකක් විතරයි. ජෙප්පො දැන් කරන්නෙත් ඒකමයි.
විමල්ගෙ කතාව ටක්කෙටම හරි. 13A ගැන කතාවක් නැතුව විධායකය අහෝසි කරන ජවිපෙ කතාවට මහින්ද සහයෝගය දෙනවා කියනකොට මම පුදුම උෟනා. අාප්ප සිරා වගේ නැතුව රට වෙනුවෙන් මහින්ද පරිස්සමින් තීන්දු තීරන ගත යුතුය් එවා ප්‍රකාෂ කල යුතුය්.
පාලනයක් නැති පළාත් සභා පිටෙවොත් වෙන්නේ මොකද කියල ඕනේ ගොනෙකුට ත්රෙනවනේ.
100% agree !
අනිවාර්යයෙන් ලන්කාව වගේ රටකට විඩායක ජනාධිපති කෙනෙක් අවශ්යී… බන්දුල මහත්තයත් අනුන්ගේ ගුලියක් කාලා මට පේන්නේ.. යුන්පී එකට ඕනි ඕක අයින් කර ගන්න.. එයට කිසිසේත් ඉඩදිය යුතු නැත්.
2019 ජනාධිපති චන්දෙට හරි හමන් අපේක්ෂකයෙක් හොයාගන්න බැරිව ඉන්න UNP + JVP + TNA +SLFP-sirisena හව්ල මේ ගිනිගෙඩිය අත ඇරල තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂය කොටවල පොහොට්ටුව ලබාගෙන තියන ජනප්රසාදය සී සී කඩ යවන්න. මේ 20 සංශෝධනයට මහින්ද මහතා එකඟ කරගත්තොත් ඔහු අන්ත බල ලෝභී ආත්මාර්තකමියෙක් බවත් තමුන්ට නැති ජනාධිපති තනතුර තම පක්ෂයේ වෙනකකු හෝ දැරීම නුරුස්සන අයකු බවත් ලෝකෙටම කියමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චරිත ඝාතනය කරනු නියතයි. එයින් ඇතිවන කළු පැල්ලම දේශද්‍රෝහී හව්ලට සදහටම බලයේ සිටීමට උපකාරයක් වෙනු ඇත.
කඩියගේ කීමට එකඟයි. මේ පිටුපස යොදාගන්න තර්කය මහින්ද චරිතය ගාතනය කරලා හංස හවුලට අවශ්‍ය වටපිටාව හදා ගැනීමයි. විමල් කවුරුන් හෝ ඔබ කුඩා පක්ෂයක නායකයෙක්යි සිතා ඔබ නැතිව පොහොටුවේ ඉදිරි ගමන ජයග්රහණයෙන් ඉවර කිරිමට සිතනවානම් එය ජයග්ග්රහණයේ සතුටින් ගන්නා ඉතාම මෝඩ තීරණයක් වනු ඇත. විමල් දරන මතවාදය බැහැර කර හැකිනම් පොහොට්ටුව එලබෙන පළාත් සභාව ජයග්රහණයය කර පෙන්වන්න. එකාබද්ධය ගොන් කම් නොකරනු. පොලවේ නිර්මාණය වන මිනිසුන්ගේ සිතුවිලි තෙරුන් ගන්න. එසේ නොවන දාට ශ්‍රීලංකා නිදහස් පක්ෂයට වන දේම වනු ඇත.
මේවගේ අමන යෝජනා වලට පක්ෂව රටට ද්‍රෝහීවන එකබද්ධේ මන්ත්‍රීවරු පිළිබඳවත් සැලකිල්ලෙන් සිට මීළඟ පාර්ලිමේන්තු චන්දෙ මනාප ලකුණු කරනකොට අංකය මඟ හැරිය යුතුය.
Well said and done as ALWAYS Hon Wimal Weerawansa……deshapremi janathawa always with you our LION VOICE of the people…….jayama wewa!!!
Sinhala Banda AGREE with your great comment above 1000%